Sunday, September 6, 2026
HomeNEWSඅතුරුදන් වූ බදුල්ලේ වෛද්‍යවරයා සියදිවි නසාගත්තාද?දීර්ඝ කාලයක සිට මානසික ආතතියට ඖෂධ ලබාගෙන.

අතුරුදන් වූ බදුල්ලේ වෛද්‍යවරයා සියදිවි නසාගත්තාද?දීර්ඝ කාලයක සිට මානසික ආතතියට ඖෂධ ලබාගෙන.

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතා ඖෂධ පානය කර සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වෛද්‍යවරයාගේ මෘත ශරීරය අද (24) පෙරවරුවේ බදුල්ල–මහියංගනය මාර්ගයේ 17 කණුව, මාපාකඩවැව ප්‍රදේශයේ වන ලැහැබක තිබියදී පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සොයාගෙන තිබේ.

මෘත ශරීරය තිබූ ස්ථානයේ තිබී ඖෂධ වර්ග තුනක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

වෛද්‍යවරයා ඊයේ (23) පෙරවරුවේ සිට අතුරුදන්ව ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

එහිදී ඔහුට අයත් මෝටර් රථය ඊයේ රාත්‍රියේ බදුල්ල–මහියංගනය මාර්ගයේ 17 කණුව ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

ඒ අනුව පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෙවීම් මෙහෙයුමේදී මෝටර් රථය තිබූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් වන ලැහැබක ගලක් මත තිබූ වෛද්‍යවරයාගේ මෘත ශරීරය අද උදෑසන සොයාගෙන ඇත.

වෛද්‍යවරයා දීර්ඝ කාලයක සිට මානසික ආතතිය සඳහා ඖෂධ ලබාගෙන ඇති බවට ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img