Friday, September 11, 2026
HomeNEWSඅමෙරිකාව සමග බදු තවත් අඩුකර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වෙලා-හිටපු මුදල් ඇමති රවී

අමෙරිකාව සමග බදු තවත් අඩුකර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වෙලා-හිටපු මුදල් ඇමති රවී

අමෙරිකාව සමග බදු තවත් අඩුකර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වෙලා…හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්. ..එක්සත් ජනපදය සමග තීරුබදු තවදුරටත් අඩුකර ගැනීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡා අසර්ථක වී ඇතැයි වාර්තා වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවැසීය.අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අනාවරණය කරන ලද්දේ, එක්සත් ජනපදය සමග මෑතකදී සාකච්ඡා පැවැත්වූ ලොව රටවල් රැසකට සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමට හැකියාව ලබී ඇති බවයි.එක්සත් ජනපදයෙන් ස්වාභාවික වායු(LNG) ආනයනය කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීම වඩාත් සුදුසු බව මන්ත්‍රීවරයා පැවැසීය.මේ අතර ඉන්දියාවෙන් ස්වාභාවික වායු ආනයනය කිරීමේ සාකච්ඡා නවතා දමා චීනයෙන් LNG ආනයනය කිරීමට සාකච්ඡා ආරම්භ කිරීම අසාර්ථක උත්සාහයක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img