Tuesday, September 8, 2026
HomeNEWSඇමති විජිතගෙන් තමිල්නාඩු ප්‍රධාන ඇමතිට හදිසි ඇමතුමක්

ඇමති විජිතගෙන් තමිල්නාඩු ප්‍රධාන ඇමතිට හදිසි ඇමතුමක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් මහතාට දුරකථන ඇමතුමක් ලබා දී අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට හදිසි සහන ද්‍රව්‍ය එවීම සම්බන්යෙන් ස්තූතිය පළ කළා. ශ්‍රී ලංකාවට සමීපව පිහිටි ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම දුෂ්කර අවස්ථාවකම සහායට පැමිණීම සම්බන්ධයෙන් ද අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ස්ටාලින් මහතාට තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකාව සමඟ තමිල්නාඩු රජය පවත්වන මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බවත් ශ්‍රී ලංකාව සමග පවත්වන සුහදතාවය සහ සහයෝගය අඛණ්ඩව වර්ධනය වනු ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා මෙම දුරකථන සංවාදයේදී වැඩිදුරටත් විශ්වාසය පළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img