Sunday, September 6, 2026
HomeNEWSඉදිරි පැය 12 තුළ වැසි හා සුළං සමඟ පීඩන අවපාතයක්

ඉදිරි පැය 12 තුළ වැසි හා සුළං සමඟ පීඩන අවපාතයක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි. උතුරු පළාතෙත්, අනුරාධපුර, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ.සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img