Thursday, September 10, 2026
HomeNEWSජනපති නවදිල්ලි නුවරදී හමු වීම් රැසකට එක් වෙයි

ජනපති නවදිල්ලි නුවරදී හමු වීම් රැසකට එක් වෙයි

ජනපති නවදිල්ලි නුවරදී හමු වීම් රැසකට එක් වෙයිඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීවඅද (18), හෙට (19) සහ අනිද්දා (20) දිනයන්හිදී හමු වීම් රැසකට එක් වීමට නියමිතය.ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ සිදු විය.මේ අතර, AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා අද (18) එක් වීමට නියමිතය. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව රාජ්‍ය නායකයන් සහ ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවර Bharat Mandapam සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) සමුළුව ඇමතීමට නියමිතය.ජනාධිපතිවරයා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ විශේෂ හමුවකටද එක් වීමට නියමිත අතර සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img