Sunday, September 6, 2026
HomeNEWSජිනීවා යාමට පෙර ඇමති විජිත තානාපතිවරුන් හමුවෙයි

ජිනීවා යාමට පෙර ඇමති විජිත තානාපතිවරුන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට පෙර අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට සිටින තානාපතිවරු සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.මෙහිදී මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් සහ නීතීඥවරුන් ද මුණ ගැසීමට අමාත්‍යවරයා සැලසුම් කර ඇත.එළැඹෙන සතියේ දී එම සාකච්ඡාව පවත්වනු ඇති බව විදෙස් කටයුතු අමාත්‍යංශ ආරංචි මර්ග සඳහන් කළේය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය සැප්තැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.ඒ අනුව නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වසරක පමණ කාලයක් තුළ මානව හිමිකම් සම්බන්ධ ගැටලු විසදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම එහි ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීමට නියමිතය.යම් හෙයකින් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවකදී ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකාවට අනෙක් රටවල සහාය ලබා ගැනීම සිදු කළ යුතුව පවතී.මේ අතර පසුගිය ජුනි මාසයේ දී දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ” ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය” සිය වාර්තාව සැසිවාරයේ දී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img