Friday, September 11, 2026
HomeNEWSදයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත අද එළියට

දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත අද එළියට

දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත ‘ ග්‍රන්ථය ජනවාරි 21 එළිදකී. ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත‘ කෘතිය ජනවාරි 21 බදාදා පස්වරු 3ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී නිකුත් වේ.මෙම ග්‍රන්ථයට පාදක වන්නේ ජවිපෙ 2වැනි කැරැල්ලේ සිදුකළ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රථම දේශපාලන ඝාතනය වූ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයාගේ කථාව සහ ඒ ආශ්‍රිත සිදුවීම්ද අසූව දශකයේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇතුළාන්තය නම් ගම් සහිතව මුළුමනින්ම කියන ගවේශනාත්මක සත්‍ය කථාවක් ලෙසද ග්‍රන්ථය හැදින්විය හැක. පිටු 392කින් යුත් මෙම ග්‍රන්ථයට ඡායාරූප 100කට අධිකය. ධර්මන් වික්‍රමරත්නගේ ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථ මාලාවේ පස්වන කෘතිය වන මේ නව්‍ය නිර්මාණය ඔහුගේ 56වන ග්‍රන්ථයද වේ.මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ හොබවන අතර දෙසුම් පවත්වනුයේ මොරටු සරසවි හිටපු සිසු නායක ඉංජිනේරු චම්පික රණවක, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ හිටපු ක්‍රියාකාරී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කොළඹ සරසවි හිටපු සිසු නායක සමාජ ක්‍රියාකාරී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් විසිනි. වැඩසටහන මෙහෙයවීම සිදුකරනු ලබන්නේ මොන්ටේගූ සරත්චන්ද්‍රය. ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සැමට විවෘත අතර ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071-2733986 යන දුරකථනයෙන් විමසිය හැකිය. වසර 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබදව ධර්මන් විසින් මෙයට පෙර ගින්නෙන් උපන් ගිණි පුපුරු, සටනින් සටන, කොම්රේඩ් ලයනල් සහ ප්‍රේමකීර්ති ඝාතන සුලමුල ග්‍රන්ථ හතරක්ද නිකුත් කර ඇති අතර ඒවා විචාරක සහ පාඨක සම්භාවනාවට පත්වූ කෘති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img