Thursday, September 10, 2026
HomeNEWSදේශපාලන බලපෑම්, යාළුකම් අදාළ නෑ.. වැව් ටික අනිවාර්යෙන්ම බේරගන්නා බව ලාල්කාන්ත අවධාරණය...

දේශපාලන බලපෑම්, යාළුකම් අදාළ නෑ.. වැව් ටික අනිවාර්යෙන්ම බේරගන්නා බව ලාල්කාන්ත අවධාරණය කරයි

,එල්ලංගා කලමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය (Climate Smart Irrigated Agriculture Project) මඟින් එල්ලංගා කලමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී ඊයේ (30) දින පැවැත්විණ.මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.“මෙම ව්‍යාපෘතිය අවසන් වීම ගැන වේදනාවක් තියෙනවා. මේක විශාල වශයෙන් වැදගත්කමක් තියෙන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට මම හරි ආදරෙයි. මොකද අපි හැදුණේ වැඩුණේ දිව්වේ පැන්නේ මේ වැව්වල. අපි අධිෂ්ඨානයක ඉන්නවා මුළු එල්ලංගා පද්ධතියම ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි කියලා. ඒ නිසාම තමයි අපි මේ පාර අයවැයටත් පුංචි පුංචි වැව්වලට මුදල් වෙන් කරගෙන තියෙන්නේ. අපි අමාත්‍යාංශය වශයෙන් ඒවා ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. මේ වැව් පද්ධතිය පිළිසකර කිරීමේදී අපි මුහුණ දෙන බරපතලම ගැටළුව තමයි මේ වැව් ඇතුළේ පදිංචි වෙන එක. නුවර වැව ඉස්මත්තේ තියෙන ඉදි කිරීම් ඉවත් කරන්න අපි මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා. වැව්වල මායිම් ලකුණු කරගන්න වැඩේ අපිට තියෙන ලොකු අභියෝගයක්. දිස්ත්‍රික් ලේකම්ලා හිටියා. ප්‍රාදේශීය ලේකම්ලා හිටියා. ගොවිජන නිලධාරීන් හිටියා. තව තව වගකිව යුත්තෝ හිටියා. නීති තිබුණා. සියල්ලම තිබුණා. ඒ සියල්ලම තියෙද්දි වැව් පද්ධතිය විනාශ වෙලා ගියා. එවකට තිබුණු දේශපාලනය නිසා මේ දේවල් සිද්ද වුණා. දේශපාලන බලවතුන්ගේ ඕනෑ එපාකම් නිසා මේවා සිද්ද වුණා. නිලධාරීන් ඒවාට හවුල් වෙලා තියෙනවා. දේශපාලන බලපෑම් නිසා නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. නිලධාරීන් කල්පනා කළා ජීවිත අවධානමට ගන්නවාට වඩා පාඩුවේ ඉන්න එක හොඳයි කියලා. සමහර තැන්වල නිලධාරීන් මැදිහත් වෙලා නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. කුඹුරු ඉඩමක් ගොඩ කරන්න බැහැනේ අපේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙනවා නම්. ගොවිජන සංවර්ධන දෙපාර්මේන්තුව කොච්චර වැඩ කළත් කුඹුරු ඉඩම් ගොඩවෙලා තියෙනවනේ. නිලධාරියෝ හැමෝම ඉද්දි අපේ මුළු වැව් පද්ධතියම විනාශ වෙලා ගිහින් තියෙනවා. අපේ පරම්පරාව තමයි වැව් පද්ධතිය සශ්‍රීකව තියෙනවා දැක්කෙත්. ඒ වගේම විනාශ වෙනවා දැක්කෙත්. අපේ පරම්පරාව මේකට හරියට මැදිහත් නොවුණොත් මේක විසඳන්න බැහැ. ඊළඟට මේකේ තියෙන වටිනාකම කියවන්න වෙන්නේ පොත්වලින්. දැන් අපිට මේක දැනගන්න පොතම ඕනේ නැහැ. අපි මේක ජීවිතෙන් අත්විඳලා තියෙනවා. පර්යේෂණ ඕනේ නැහැ. ප්‍රධාන වැව් සහ එල්ලංගා පද්ධතිය නිදහස් කරගන්න ඕන කියන දැඩි ස්ථාවරයක මම ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි ඡන්ද පදනම්, පුද්ගලික යාළුකම්, දේශපාලන බලපෑම් අදාළ නැහැ. මේක අපි කරන්නම ඕනේ. මේක කරන එක රටට කරන මහඟු කාර්යභාරයක්. වැවට සාධාරණයක් කරනවා කියන්නේ රටටම සාධාරණයක් කරනවා කියන එක. දැන් මේ ව්‍යාපෘතිවලට දේශපාලන බලපෑමක් නැහැ. අපි මේ කාර්යය ධෛර්ය සම්පන්නව කරමු. මේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන්න කැපවුණු සියලුම නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා. මෙහිදී එල්ලංගා කලමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ විශේෂ දේශනයක් මහාචාර්යය දන්තුරේ වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.මෙම අවස්ථාවට මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සමන් බන්දුලසේන මහතා, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂි විශේෂඥ ආචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු ව්‍යාපෘතියේ නිලධාරීන් සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img