Friday, September 11, 2026
HomeNEWSපාකිස්තානයේ තීරණය වෙනස් වුණේ ශ්‍රී ලංකාව නිසයි: මහ කොමසාරිස් ඇමති විජිතට කියයි

පාකිස්තානයේ තීරණය වෙනස් වුණේ ශ්‍රී ලංකාව නිසයි: මහ කොමසාරිස් ඇමති විජිතට කියයි

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට සහභාගී නොවීමට මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කර, ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මතභේද අතහැර ඊට සහභාගී වීමට තීරණය කළ බවත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත් වීම ප්‍රශංසනීය බවත් ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට පෙර අද (10) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූ අවස්ථාවේදී.මෙම තීරණයට එළඹීම සම්බන්ධයෙන් දින තුනක් පුරා පවත්වන ලද රාජතාන්ත්‍රික සාකච්ඡා සහ දුරකථන සංවාද සම්බන්ධීකරණය කිරීමේදී පකිස්තාන මහකොමසාරිස්වරයා දැක්වූ කඩිනම් ප්‍රතිචාර වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් සිය ස්තූතිය පළ කළා. එමෙන්ම T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති අවිනිශ්චිත තත්ත්වයන් ගණනාවක් නිරාකරණය කිරීමට විදේශ අමාත්‍යවරයා වශයෙන් විජිත හේරත් අඛණ්ඩව ගත් රාජතාන්ත්‍රික උත්සාහය ද ෆාහිමුල් අසීස්ගේ ඇගයීමට ලක් වුණා.තමා මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය ඉතා ප්‍රියජනක මෙන්ම සාර්ථක කාලයක් වූ බවත්, ඒ සඳහා විදේශ අමාත්‍යවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු සහාය අනර්ඝ බවත් මහකොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම තමාගේ සේවා කාලය ඇතුළත 2024 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉතා සාධාරණ හා විශිෂ්ට මැතිවරණ දෙකක් පවත්වනු දුටු බවත්, ඒ පිළිබඳව තමා පෞද්ගලිකව සතුටු වන බවත් පාකිස්තානු මහ කොමසාරිස්වරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img