Friday, September 11, 2026
HomeNEWSපොලිස් සහතික ගන්න මාලිමා චරිත සහතික ඕන වෙලා- සජිත්

පොලිස් සහතික ගන්න මාලිමා චරිත සහතික ඕන වෙලා- සජිත්

*පොලිස් සහතික ගන්න ගමේ NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඉල්ලූ අවස්ථා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වයි.*පොලිස් ඇමතිවරයා පැවසූ ආකාරයට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරුන්ගේ නිර්දේශ චරිත සහතික ලබා ගන්න අවශ්‍ය නැති බව පැවසුවත් මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාමනිලධාරී වසමේ කංකානම් පතිරණගේ අනුරාධ මධුශංකට පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීමට හක්මන පොලිස් ස්ථානයෙන් පොලිස් සහතිකය ඉල්ලා සිටින විට ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයා වන පී. රාමවික්‍රම මහතාගේ චරිත සහතිකය අවශ්‍ය බවට පවසා ඇති බවත් මේ සහතික ලබා දුන් පසුව පොලිස් සහතිකය ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ඊට අමතරව කඹුරුපිටිය පොලිසියේ ලේනබටුව ග්‍රාමනිලධාරී වසමේ 317 සී ලිපිනයේ පදිංචි ඩී. ජී. දෙනෙත් නම් තරුණයා පොලිස් වාර්තාව ඉල්ලා සිටින විට ප්‍රජා පොලිස් කමිටුවේ සම්පත් වික්‍රමසිංහ මහතා හෙවත් එම ගමේ ජාතික ජන බලවේග සභාපතිවරයාගේ චරිත සහතිකය පවා ඉල්ලා ඇති බවත් තවම මොවුන්ගේ පොලිස් සහතික ලබා දී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ කරුණු සියල්ල තමා වගකීමෙන් ඉදිරිපත් කරන බවත් මේවා ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට ද පොලිස් රාජ්‍යයක් ඇති කිරිමට ද කියා ගැටලුවක් ඇති බවත් ගමේ ඇති සියලුම සමිතිවල තනතුරු එක පක්ෂයකට සම්බන්ධ කර ගෙන ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන්න මොවුන් උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.https://youtu.be/UBELjScC_AA?si=pyZza69o9R_NprSa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img