Friday, September 11, 2026
HomeNEWSඵරිත්‍රියාවේ රඳවා ගෙන සිටි ශ්‍රී ලංකික නාවික ආරක්ෂකයින් ඇමති විජිතගේ මැදිහත්වීමෙන් නිදහස්...

ඵරිත්‍රියාවේ රඳවා ගෙන සිටි ශ්‍රී ලංකික නාවික ආරක්ෂකයින් ඇමති විජිතගේ මැදිහත්වීමෙන් නිදහස් කර ගනී

එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයින් හය දෙනා අමාත්‍ය විජිත හේරත්ගේ මැදිහත්වීමෙන් නිදහස් කරගෙන තිබෙනවා.Seagull Maritime ආයතනයට අයත් අසර්බයිජාන කපිතාන්වරයෙකුගේ ප්‍රදානත්වයෙන් සේවා සැපයූ යුරෝපීය නෞකාවක් එරිත්‍රියානු මුහුදු කලාපයට පිවිසීම හේතුවෙන් එම නෞකාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික නාවිකයින් 06 දෙනෙක් 2024 නොවැම්බර් මස 07 වන දින සිට එරට බලධාරීන් විසින් රඳවාගනු ලැබුවා. එම ශ්‍රී ලාංකිකයින් වසරක කාලයක් එරට තුළ රඳවා ගනු ලැබූ අතර ඔවුන් නිදහස් කරගැනීම සඳහා ඉහළ පෙළේ මැදිහත්වීම් කිහිපයක් සිදු කිරීමට සිදු වුණා. මේ සඳහා කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කළා.ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ ද සේවය කර තිබෙන මෙම ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීම සඳහා අමාත්‍ය විජිත හේරත් ඍජුව මැදහත් වී අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් ලබා දුන් අතර අමාත්‍යවරයාගේ රාජතාන්ත්‍රික මැදිහත් වීම් මත ශ්‍රී ලාංකික නාවිකයින් 06 දෙනා කටුනායක ගුවන්තොටුපළට ළඟා වූණා. නාවිකයින් 06 දෙනා පිළිගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ අප්‍රිකානු කටයුතු අංශයේ නිලධාරීන් එක් වූ අතර පැමිණි හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img