Monday, September 14, 2026
HomeNEWSවතිකානු විදේශ අමාත්‍ය ගැලගර් හිමිපාණන් අද දිවයිනට

වතිකානු විදේශ අමාත්‍ය ගැලගර් හිමිපාණන් අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.ඒ හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වීමටද නියමිතය.ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරනු ඇත.මෙම සංචාරය අතරතුරදී අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද හමුවීමට නියමිත අතර විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග නිල සාකාච්ඡාද පැවැත්වීමට නියමිතය.රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක්ද කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශණයක්ද පැවැත්වීමට නියමිතය.2019 වසරේ එල්ලවූ පාස්කු ඉදිරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ දේවස්ථාන ඇතුළු රට පුරා සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමටද ඒ හිමියන්ගේ මෙරට සංචාරයට ඇතුළත් වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img