Friday, September 11, 2026
HomeNEWSවාර්ගික අපහාස ක්‍රිකට් පිටියට,, ඕස්ට්‍රේලියාවේ කවාජා සමුදෙයි

වාර්ගික අපහාස ක්‍රිකට් පිටියට,, ඕස්ට්‍රේලියාවේ කවාජා සමුදෙයි

මතභේදාත්මක කරුණු රැසක් අනාවරණය කරමින් සිඩ්නිහිදී අනිද්දා (4) ආරම්භවන ‘අළු බඳුන’ තරගාවලියේ 5වන හා අවසන් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන බව උස්මාන් කවජා පවසයි.සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගී වූ හැඟීම්බර මිනිත්තු 50ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සිය සමුගැනීම නිවේදනය නිකුත් කළේය.එහිදී ඔහු පවසා ඇත්තේ, සිය වෘත්තීය ජීවිතය පුරාම අනෙකුත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වඩා තමාට වෙනස් ලෙස සැලකූ බවය. ඒ ගැන කලකිරීමට හා වේදනාවට පත් වූ බව උස්මාන් කවාජා පවසා තිබේ.රිකී පොන්ටිංගේ සමුගැනීමෙන් පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවීමක් ලැබූ කවදා, 2011 වසරේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකළ සිඩ්නි ක්‍රීඩාංගණයේ දීම සිය අවසන් තරගය ක්‍රීඩාකිරීම සුවිශේෂීය.පාකිස්තානයේ උපත ලැබූවෙකු වන කවජා, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා වේ.”මම පාකිස්තානයෙන් ආපු ආඩම්බර මුස්ලිම් කොල්ලෙක්. මම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කවදාවත් ක්‍රීඩා කරන්නේ නැහැ සමහර අය කිව්වා. දැන් මාව බලන්න” කවජා පවසයි.”මට හැම විටම ටිකක් වෙනස් බවක් දැනුණා, මේ වෙනකම් පවා. මම සුදු නොවන ක්‍රීඩකයෙක්. මගේ මතය අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම… ඒක තමයි අපේ හොඳම කණ්ඩායම. ඒක අපේ ආඩම්බරය සහ ප්‍රීතිය. නමුත් මට ගොඩක් තැන්වලදී වෙනස් බවක් දැනුණා, මට සැලකූ ආකාරය වෙනස්. ඒ දේවල් සිදු වූ ආකාරය අනුව වෙනස්.”මට කොන්දේ කැක්කුමක් තිබුණා, ඒක මට පාලනය කරගන්න බැරි දෙයක්. නමුත් මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් ඇවිත් මාව විචේචනය කළා.එයා කණ්ඩායමට කැපවෙලා නැහැ, එයා තමන් ගැන විතරයි. එයා ආත්මාර්ථකාමීයි, එයා පුහුණුවීම් කරන්නේ නෑ. එයා කම්මැලියි වගේ දේවල් කිව්වා…ඒවා හරිම පෞද්ගලිකයි. මම හිතුවේ මාධ්‍ය, පැරණි ක්‍රීඩකයින් සහ අනෙක් සියල්ලන්ම ඒවා අමතක කරලා කියලා. නමුත් පැහැදිලිවම ඒවා අමතකර කරලා නෑ. මොකද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුට එසේ සලකනවා මට දැනිලා නෑ.මට හිතුනා මට මේක මතු කරන්න ඕනේ කියලා. මට මේ ගැන කතා කරන්න ඕන වුණේ නැහැ, නමුත් මට ඕන ඊළඟ උස්මාන් කවාජාගේ ගමන වෙනස් වෙන්න. මට ඕන සැමට එක වගේ සලකන්න. එයාලා කවුද කියලා වාර්ගික ඒකාකෘති තියාගන්න එපා. මම ක්‍රීඩා කරන මගේ අනෙකුත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සලකන විදිහටම අනෙක් අයටත් සලකන්න”.මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 87(ඉනිම් 157)කදී ලකුණු 6,206ක් රැස්කර ඇත.43.39ක පිතිකරණ සාමාන්‍යයක් ඇති ඔහු ශතක 16ක් හා අර්ධ ශතක 28කට හිමිකම් කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img