Friday, September 11, 2026
HomeNEWSවැරැද්ද සිදු කළ අයට නීතිමය ක්‍රියාමාර්ග- ඇමති විජිත

වැරැද්ද සිදු කළ අයට නීතිමය ක්‍රියාමාර්ග- ඇමති විජිත

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.ඒ අනුව ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනු ලබන බව අමාත්‍යවරය වැඩිදුරටත් පවසයි.ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේදීය. “මේක රජයේ සාමූහික උත්සාහයක්. සාමූහික වගකීමක්. රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ගන්න රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය. ඒ නිසා යම් යම් අය තම තමන්ගේ දේශපාලන හා වෙනත් පටු උවමනාවන් ඉටු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරලා කරන විවේචනයන් අපි සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. එහෙම කිසිඳු එකක් නැහැ. මෙතන තියෙන්නේ සාමූහික රජයේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වීමක්. ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රතිපත්තිමය මූලධර්මයන් මත පදනම්ව තමයි ජාතික අධ්‍යාපන ආයතනය, මේ අධයාපන ප්‍රතිසංස්කරණයන් සකස් කරනු ලැබුවේ. ඉතින් අධ්‍යාපන අමාත්‍යාශය මගින් තමයි මේ සියල් සිදුකරනු ලැබුවේ. මේ ක්‍රියාත්මක කිරීම අපි කාගෙත් වගකීම වෙලා තියෙනවා. ඉතින් එතනදී ඉතා පැහැදිලිව අපි දැකපු දෙයක් තමයි මේ ක්‍රිවලියේදී යම් තැනක අඩුවක් සිද්ධ වුණා.විශේෂයෙන්ම හයවෙනි ශ්‍රේණියේ විෂය මාලාවට අදාළ මොඩියුලයේ දී බරපතල වැරැද්දක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වැරැද්ද ඉතා පැහැදිලිව අධ්‍යාපන අමාත්‍යාංශය දැන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක හඳුනා ගත්තට පස්සේ හඳුනාගත්ත විගසම ගරු අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් මත ලේකම්තුමා මගින් වහාම අභ්‍යන්තර දත්ත තොරතුරු ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කරා. ඒ වාර්තාව දැන් ලැබිලා තියෙනවා. ඒ වාර්තාව මත පදනම්ව ඒ අදාළ වැරැද්ද සිද්ධ වෙච්ච අයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න ඉදිරි ක්‍රියා කටයුතු සිද්ධ වෙනවා.ඒ නිසා මෙය කිසිසේත්ම හයවෙනි ශ්‍රේණියේ ඒ මොඩියුලයට ඇතුලත් විය යුතු නැති දෙයක්. ඒ නිසා ඒක ඉවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාශය අනිවාර්යෙන්ම තීරණය කරනවා. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණයන් වඩාත් සාධනීය විදිහට ඉදිරියට ගෙනියන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img