Friday, September 11, 2026
HomeNEWSවිනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසමින් මහානාහිමිවරුන් ජනපතිට ලිපියක් යවා...

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසමින් මහානාහිමිවරුන් ජනපතිට ලිපියක් යවා තිබෙනවා – නීතිඥ සංගමයේ සභාපති

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අනාවරණ කර සිටී.

ඔහු මේ බව පැවසුවේ අද (03) මල්වතු පාර්ශ්වයේ මහානාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා,

”මං හිතන්නේ මේ ආණ්ඩුවට මේක ඉදිරියට ගෙන යාමට කිසිම සදාචාර අයිතියක් නැහැ. ඇත්තටම මොහොතකට පෙර මල්වතු නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා මල්වත්ත, අස්ගිරිය, රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි මහනායක හිමිවරු අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා තියෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසුයි කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img