Monday, September 14, 2026
HomeNEWSවිපතට පත් ජනතාවට අවියානා සිලෝන් වෙතින් රුපියල් මිලියන 10 කට අධික සහනාධාර

විපතට පත් ජනතාවට අවියානා සිලෝන් වෙතින් රුපියල් මිලියන 10 කට අධික සහනාධාර

විපතටපත් ජනතාවට අවියානා සිලෝන් වෙතින් රුපියල් මිලියන 10 කට අධික සහනාධාර.දිට්වා සුළිකුණාටුවෙන් විපතටපත් ජනතාවට රුපියල් මිලියන 10කට අධික වටිනාකමින් යුත් ආපදා සහනාධාර ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු7 හෝටලය වන අවියානා සිලොන් රිසෝට් එක්වෙයි.අවියානා සිලෝන් රිසෝට් සහ අඹසෙවන හෝල්ඩිංග්ස් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා අතින් මහනුවර සහ කොළඹ දිස්ත්‍රික්කවල ආපදාවෙන් විපතටපත්වූ ජනතාවට සහනාධාර ලබාදීම පසුගියදා සිදුවිය. මහනුවර සහ අවට ගම්මාන කිහිපයක පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් මෙම ආධාර තෙල්දෙනිය – මූලික රෝහලට, මැදදුම්බර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයට සහ අලදෙණිය පොලිස් ස්ථානයට බෙදාදීම සිදුකරන ලදී. පිරිසිදු කළ පානීය ජලය, වියළි සලාක,ඖෂධ සහ ප්‍රථමාධාර, කාන්තා සහ පිරිමි ඇඳුම්, ළදරුවන්ට කිරිපිටි සහ ඇඳුම්, කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා අතුළු භාණ්ඩ රැසක් මෙම වැඩසටහන යටතේ බෙදාහැරුණි.මෙම අවස්ථාවට එක්වූ අවියායනා සිලොන් රිසෝට් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා සඳහන් කළේ මෙම ජනතාවට සහන සැළසීම සඳහා තමා ඇතුළු අවියානා කාර්යමණ්ඩලය ඉතා කැමැත්තෙන් සම්බන්ධ වන බවයි.ඉතා දුෂ්කර අවස්ථාවලදී මෙම ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා ආධාර උපකාර කිරීම බොහෝදෙනෙකු නිහඬව සිදුකරන බවත් එම අවංක මැදිහත් වීම ඉතා වැදගත්වන අතර එය රටට අවශ්‍ය බවත් ආචාර්ය තිසර හේවාවසම් මහතා අවධාරණය කළේය.සුනාමි ඛේදවාචකය, කොවිඩ් ලෝක වසංගතය වැනි ආපදාවලදී විපතටපත් ජනතාවට යළි නැගීසිටීම සඳහා බොහෝ දෙනෙකු උදව් කළ බව සිහිපත් කළ ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදීද පීඩාවට පත් ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලාංකිකයින් සියළුම දෙනා සහයෝගය ලබාදෙනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බවයි.ඉදිරියටත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙවැනි සත්කාරයන් කිරීමට අවියානා සිලෝන් කටයුතු කරන බවද ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට අවියානා සිලොන් රිසෝට් ආයතනයේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහබාගීවූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img