Thursday, September 10, 2026
HomeNEWSශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් හෙට(16) දැඩි තීරණයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් හෙට(16) දැඩි තීරණයක්

හෙට (16) දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. එම සංමගම මෙම තීරණය ගෙන ඇත්තේ, වසර 14කට පසුව අද (15) පැවැති මහසභා රැස්වීමේදීය. ඊට නීතිඥයින් 3500ක් පමණ සහභාගී වූ බවත් ඇතැම් පිරිස් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවත් ඔහු ප්‍රකාශ කළේය. එහිදී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රජීව් අමරසූරිය මහතා කියාසිටියේය. මෙම රැස්වීමේදී සුවිශේෂ තීරණ සුවිශේෂ තීරණ රැසක් ගත් බව ද සභාපතිවරයා කීය. ඒ අනුව වර්තමානයේ අපේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බල කර සිටීමට යෝජනා කිරීමට තීරණය කර ඇත. මෙම කෘෘර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසිය සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ගෙන් දැඩි අප්‍රසාදය පළ කර බව සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img