Friday, September 11, 2026
HomeNEWSශ්‍රී ලංකා - සෞදි අරාබි ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා – සෞදි අරාබි ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය ආරම්භ කෙරේ

රියාද්හි පිහිටි සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය මූලස්ථානයේදී, සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය (FSC) සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (SLFCC) අතර අවබෝධතා ගිවිසුමක් මගින් ඓතිහාසික ශ්‍රී ලංකා – සෞදි අරාබි ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය ආරම්භ කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි විය. එම අවස්ථාවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ.

රියාද්හි පිහිටි සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය මූලස්ථානයේදී, සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය (FSC) සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (SLFCC) අතර අවබෝධතා ගිවිසුමක් මගින් ඓතිහාසික ශ්‍රී ලංකා – සෞදි අරාබි ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය ආරම්භ කිරීමේ අවස්ථාවට (11) එක් වූයෙමි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ආයෝජන අවස්ථා ඉස්මතු කරමින් මම සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය ඇමතුවෙමි. රැස්වීමට මාර්ගගත ලෙස සම්බන්ධ වූ සෞදි වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති හසන් අල්-හුවයිසි සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සභාපති කීර්ති ගුණවර්ධන යන මහත්වරු ව්‍යාපාර කවුන්සිලය ස්ථාපිත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වඩ් සහ සෞදි වාණිජ මණ්ඩල සභාපති හසන් අල්-හුවයිසි අත්සන් කළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගත්හ. මෙය දෙරට දිගු කලක් බලා සිටි පළමු B2B සංසදයක් වන අතර එය දෙරට අතර පෞද්ගලික අංශයේ අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.ரியாத்தில் உள்ள சவுதி சம்மேளனகங்களின் கூட்டமைப்பின் (FSC) தலைமையகத்தில், சவுதி அரேபியா வர்த்தக சம்மேளனங்களின் கூட்டமைப்பு (FSC) மற்றும் இலங்கை வர்த்தக மற்றும் தொழிற்துறை சம்மேளனங்களின் கூட்டமைப்பு (SLFCC) ஆகியவற்றுக்கு இடையேயான வரலாற்றுச் சிறப்புமிக்க இலங்கை – சவுதி அரேபியா கூட்டு வணிக மன்ற தொடக்க நிகழ்வில் (11) கலந்துகொண்டேன். இலங்கையில் வர்த்தகம் மற்றும் முதலீட்டு வாய்ப்புகளை எடுத்துரைத்து சவுதி அரேபியா சம்மேளனக் கூட்டமைப்பிலும் நான் உரையாற்றினேன். கூட்டத்தில் மெய்நிகர் முறையில் இணைந்த சவுதி அரேபியா வர்த்தக சம்மேளனங்களின் கூட்டமைப்பின் தலைவர் ஹசன் அல்-ஹுவைசி மற்றும் இலங்கை வர்த்தக மற்றும் தொழில்துறை சபைகளின் தலைவர் கீர்த்தி குணவர்தன ஆகியோர் வணிக சபையை நிறுவுவதற்கான புரிந்துணர்வு ஒப்பந்தத்தில் கையெழுத்திட்டனர். சவுதி அரேபியா இராச்சியத்திற்கான இலங்கை தூதர் அமீர் அஜ்வத் மற்றும் சவுதி வர்த்தக சபைகளின் தலைவர் ஹசன் அல்-ஹுவைசி ஆகியோர் கைச்சாத்திட்ட புரிந்துணர்வு ஒப்பந்தத்தை பரிமாறிக்கொண்டனர். இது இரு நாடுகளுக்கும் இடையிலான நீண்டகாலமாக எதிர்பார்க்கப்பட்ட முதல் வணிகணங்களுக்கிடையிலான மன்றமாவதுடன், இரு நாடுகளுக்கும் இடையிலான மிகவும் தேவையான தனியார் துறை தொடர்புகளை மேம்படுத்துவதற்கான ஒரு ஊக்கியாக செயற்படும்.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img