Friday, September 11, 2026
HomeNEWSෆොන්සේකාගේ ජීවිතය බේරගත්තෙත් මහින්ද රාජපක්ෂ

ෆොන්සේකාගේ ජීවිතය බේරගත්තෙත් මහින්ද රාජපක්ෂ

• මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, සිංහයා සිංහයාම තමයි කියන දේ සරත් ෆොන්සේකා මහතා හොඳට අවබෝධ කරගත යුතුයි………… මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විජේරාම නිල නිවස භාරදී තංගල්ලට ගිය, අද දක්වා වැල නොකැඩි පැමිණෙන ජනකායත් ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ රැස්වීම් වලදි දුටු හිස් බව තේරුම්ගත යුතු බව නිතීඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.10.07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි නිතීඥ මනෝජ් ගමගේ මහතා,“ ඊයේ දවසේදී ඉතාම අවේගයකින් සරත් ෆොන්සේකා මහතා බොහෝම ද්වේශයෙන් ප්‍රකාශයක් කරනවා. එහිදි මගේ නමත් සඳහන් වෙනවා. සරත් ෆොන්සේකා මහතාට පාඩමක් කියා දෙන්න කැමති සත්තු දෙන්නෙක් ගැන. එක් සතෙක් සිංහයා, අනෙක් සතා කලවැද්දා. සිංහයා සහ කලවැද්දා අතර ලොකු වෙනස්කමක් තිබෙනවා කියලා සරත් ෆොන්සේකා මහතා අවබෝධ කරගත යුතුයි. සිංහයා වයසට ගියත් සිංහයා ලෙඩ වුණත් සිංහයා කවදාවත් තණකොළ කන්නේ නැහැ. කානිවෝරා ගෝත්‍රයට අයත් වන කලවැද්දා කියන සත්වයා මස්මාංශ කන සතෙක් කියා හැඳින්වුවද ඇතැම් කලවැද්දෝ ගස්වල පොතු කනවා. කලවැද්දා බලු වෙන අවස්ථා තිබෙනවා. හැබැයි සිංහයා බලු වෙන්නේ නැහැ කියන දේ සරත් ෆොන්සේකා මහතාට කියා සිටිනවා. එතුමා පත්වී තිබෙන තත්වය දිහා බැලුවම බොහෝම කණගාටුවක් ඇති වෙනවා. එතුමා පහුගිය මැතිවරණයේදී කෙතරම් අසරණ වී තිබුණද? ජනතාව අතර වීරයෙක් ලෙස පෙන්වන්න හදන එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ද්‍රෝහියෙක් ලෙස පෙන්වන්න හදන එතුමා ජනාධිපතිවරණ සමයේදී තමන්ට වෙඩි වැදිච්ච රථය යන යන තැන අරගෙන ගොස් රැස්වීම් පවත්වනවා. හැබැයි මේ වීරයාගේ රැස්වීමට සහභාගීවීමට තනි පුද්ගලයෙක් වාඩිවි සිටින අතර එම පුද්ගලයාට කතා කරනවා. එතුමා තේරුම් ගන්න ඕන එතුමාට මිනිස්සු තුළ සමාජය තුළ තිබෙන තැන. මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවසින් යැව්වට පසු දැන් වැලනොකැඩි මිනිස්සු මහින්ද රාජපක්ෂ මැතිතුමාව බලන්න යනවා. ඒ මන්ද සිංහයා වයසට ගියත් සිංහයා තණකොළ කන්නෙත් නැහැ, සිංහයා සිංහයාම තමයි කියන දේ සරත් ෆොන්සේකා මහතා හොඳට අවබෝධ කරගත යුතුයි. මෙතුමාගේ මේ ප්‍රකාශය තුළ මම දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමා කකුල් දෙකෙන් එල්ලන්න ඕන කියලා කියනවා. යුද්ධය ඉවර කරලා වසර ගණනාවක් යන්න වුණේ නැහැ මේ රටේ සමස්ථ හමුදාවම පාවලා දුන්න පුද්ගලයා තමයි මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව එල්ලන්න ඕන කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කකුල් දෙකෙන් එල්ලන් ඕන කියලා සරත් ෆොන්සේකා කියනවානම් මේ රටේ සමස්ථ හමුදාවම යුද අපරාධ කළා කියලා පාවලා දීලා අද වන තෙක් මේ රටට මානව හිමිකම් ගැන චෝදනා එල්ල වෙන්නේ ඒ සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය මත, ඒ තරම් ද්‍රෝහි ප්‍රකාශයක් සරත් ෆොන්සේකා කළේ. දැන් මෙතුමා ද්වේශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැන වදිනවා මේ යුද්ධය අවසන් කරන්න පෙර සටන් විරාමයක් දුන්නා කියලා. මෙතුමා ප්‍රකාශ කරන බොරු ප්‍රකාශ වලට අමතරව ඔතරම් යුද්ධය අවසන් කරනවා කියලා දන්නවනම් එදා වෙල්ලවයිකාල්මුල්ල සටන කරන අවස්ථාවේ ඔබතුමා ඇයි චීනයට ගියේ? එතුමා හිතුවේ නැහැ එතරම් ඉක්මණින් යුද්ධය අවසන් වෙයි කියලා. එසේ සිතුවානම් එතුමා සිටිය යුතුයි ලංකාවේ. ඒ විතරක් නොවේ සරත් ෆාන්සේකා මහතා ඇරුණාම අද වසන්ත කරන්නාගොඩ, ශවේන්ද්‍ර සිල්වාට, කමල් ගුණරත්නට එවැනි හමුදා නිලධාරීන්ට ලෝකයෙන්ම යුධ අපරාද චෝදනා එල්ල වෙනවා. යුද්ධයට නායකත්වය දීලා ප්‍රභාකරන් මැරුවේ සරත් ෆොන්සේකා මහතා ඔබ නම් ඇයි මෙතුමාට යුද අපරාධ චෝදනා නැත්තේ? අදටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලංකාවට විරුද්ධව ගෙන එන ලද චෝදනාවල ප්‍රමුඛත්වය ගන්නේ සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය, එනම් සුදු කොඩි උස්සාගෙන පැමිණි මිනිස්සුන්ට අපි අහිංසකයාට වෙඩි තිබ්බා වගේ යුද අපරාද කළා කියලා මේ රටේ සමස්ථ හමුදාව පාවා දුන් නිසා තමයි සරත් ෆොන්සේකාට කිසිදු යුරෝපයේ රටකින් යුද අපරාද චෝදනා නැත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාව කකුල් දෙකෙන් එල්ලන්න ඕන කියලා කිව්ව මේ මනුස්සයාව එල්ලන්න කොහෙන්ද කියන එක ජනතාව තීරණය කරන්න. අපි එය කියන්නේ නැහැ. අපි ඒ තරම් කුහක වෙන්නේ නැහැ. යුද්ධයට යම් දායකත්වයක් දැරුවා කියලා අපි පිළිගන්නවා. යුද ජයග්‍රාහණය අවසන් කර අරලියගහ මන්දිරයේ කේක් එක කැපුව අවස්ථාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තමන්ගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නොවේ කේක් එක කපන්න දුන්නේ, සරත් ෆොන්සේකටයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා එතරම් කෘදවේදී, කාරුණික නායකයෙක්. අනුන්ගේ දේවල් තමන්ගේ ගිණුමට බැරකර ගන්නේ නැති නායකයෙක්. වීරයෙක් ද්‍රෝහියෙක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ කියලා ඉතිහාසයේ අපමණ සාක්ෂි කන්දරාවක් තිබෙනවා. සුභාෂිතයේ කවියක් තිබෙනවා , “කිරිදියෙහි ලූවත් අඟුරු සුදුවන කලෙක නම් නැත, කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් ” කියලා. සරත් ෆොන්සේකා මහතා කියන්නෙත් අන්න ඒ වගේ මනුස්සයෙක්. තමන්ගේ ජිවිතය බේරගත්ත, තමන්ට රටම කතා කරන සෙන්පතියා කියලා කියන්න අවස්ථාව උදාකර දුන් නායකයන් ගැන ද්වේශයෙන් කතා කරන මෙතුමා ගැන තව මොන කතාද? ” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img