Sunday, July 19, 2026
HomeNEWSLatest Newsබඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ - බන්දුල ගුණවර්ධන

බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ – බන්දුල ගුණවර්ධන

බඩු මිල අඩු කිරීමට බොරු  ප්‍රාතිහාර විසඳුම් නොමැති බව වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රට තුළ නිෂ්පාදනය කර ගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කළහොත්, භාණ්ඩ මිලෙහි ගැටලුවට විසඳුමක් ලැබෙන බව ඔහු පැවසීය.

අද (17) හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි දේ වැඩි වැඩියෙන් අපි නිෂ්පාදනය කරගත හැකි නම් බඩු මිල අඩුවෙනවා. ඒ නිසා තමයි විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩ, ජනාධිපතිවරයා කිසිම හේතුවකටවත් ගෙන්වන්නට දෙන්නේ නැත්තේ, මේ රටේ ගොවියා ආරක්ෂා කරලා නිෂ්පාදනය වැඩි කිරීමට. එය කෙටිකාලින වශයෙන් අර්බුදයක් තිබුණත්, දිගුකාලින වශයෙන් වඩා වාසිදායක ස්ථාවර වෙළෙඳපොළ තත්ත්වයකට ගමන් කරන්නට පුළුවන්,“ බව අමාත්‍යවරයා පැවසීය.

ප්‍රශ්නය – වෙළෙඳ අමාත්‍යවරයා විදිහයට බඩු මිල සම්බන්ධයෙන් කෙටිකාලින සහනයක් දෙන්න බැරිද ජනතාවට ?

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා – “එහෙම කරන්න බැහැ, බොරු ප්‍රාතිහාර විසඳුම් නැහැනේ, ලෝකයේ ඉන්න එක සත්ත්වයෙක් විදිහට තමයි වෙළෙඳ අමාත්‍යවරයාත් ඉන්නේ,  මුළු ලෝකෙම වරායවල්, ගුවන්තොටුපොළවල් වහනකොට ලංකාවේ වෙළෙඳ ඇමතිට බැහැ වෙන රටවල ගුවන්තොටුපොළ අරින්න කියලා නියම කරන්න“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img