Saturday, October 24, 2026
HomeNEWSLatest Newsබඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ - බන්දුල ගුණවර්ධන

බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ – බන්දුල ගුණවර්ධන

බඩු මිල අඩු කිරීමට බොරු  ප්‍රාතිහාර විසඳුම් නොමැති බව වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රට තුළ නිෂ්පාදනය කර ගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කළහොත්, භාණ්ඩ මිලෙහි ගැටලුවට විසඳුමක් ලැබෙන බව ඔහු පැවසීය.

අද (17) හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි දේ වැඩි වැඩියෙන් අපි නිෂ්පාදනය කරගත හැකි නම් බඩු මිල අඩුවෙනවා. ඒ නිසා තමයි විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩ, ජනාධිපතිවරයා කිසිම හේතුවකටවත් ගෙන්වන්නට දෙන්නේ නැත්තේ, මේ රටේ ගොවියා ආරක්ෂා කරලා නිෂ්පාදනය වැඩි කිරීමට. එය කෙටිකාලින වශයෙන් අර්බුදයක් තිබුණත්, දිගුකාලින වශයෙන් වඩා වාසිදායක ස්ථාවර වෙළෙඳපොළ තත්ත්වයකට ගමන් කරන්නට පුළුවන්,“ බව අමාත්‍යවරයා පැවසීය.

ප්‍රශ්නය – වෙළෙඳ අමාත්‍යවරයා විදිහයට බඩු මිල සම්බන්ධයෙන් කෙටිකාලින සහනයක් දෙන්න බැරිද ජනතාවට ?

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා – “එහෙම කරන්න බැහැ, බොරු ප්‍රාතිහාර විසඳුම් නැහැනේ, ලෝකයේ ඉන්න එක සත්ත්වයෙක් විදිහට තමයි වෙළෙඳ අමාත්‍යවරයාත් ඉන්නේ,  මුළු ලෝකෙම වරායවල්, ගුවන්තොටුපොළවල් වහනකොට ලංකාවේ වෙළෙඳ ඇමතිට බැහැ වෙන රටවල ගුවන්තොටුපොළ අරින්න කියලා නියම කරන්න“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...

මාලිමාවට කඩේ යන මුස්ලිම් ඩයස්පෝරාවකුත් ඉන්නවා- නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුවට කඩේ යන දෙමළ ඩයස්‌පෝරාවක් වගේම මුස්ලිම් ඩයස්පෝරාවකුත් සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img