Friday, April 10, 2026
HomeNEWSLatest Newsදියසෙන්’ ඇමති විමල්හමුවට

දියසෙන්’ ඇමති විමල්හමුවට

’දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයාඃ දියසෙන්’ ඇමති විමල් හමුවට…

දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (13) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

මේ පිරිස අමාත්‍යවරයා හමු වූයේ සිය ‘දියසෙන් රොබෝවරයා’ ද සමගිනි. එහි ක්‍රියාකාරීත්වය විමසා බැලූ අමාත්‍යවරයා එම රොබෝ යන්ත්‍රයට දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට ගත හැකි සියලු පියවර ගන්නා බව පැවසීය. එසේම එම නව නිර්මාණකරුට ඒ මොහොතේදීම ආයෝජකයකු සම්බන්ධ කර දීමට පියවර ගත් අමාත්‍යවරයා රාජ්‍ය බැංකුවක් සම්බන්ධ කර දෙමින් ඔවුනට තම රොබෝ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වා දීමට මූල්‍ය පහසුකම් සපයා ගැනීමට පහසුකම් සලසා දෙනු ලැබීය.

‘අධි යාන්ත්‍රික දුරස්ථ පාලකයක්’

දුරකථනයෙන් විදුලි උපාංග කිහිපයක් එකවිට ක්ෂණිකව පාලනය කළ හැකි අධි යාන්ත්‍රික දුරස්ථ පාලකයක් (Duplex Device) නිපද වූ පාදුක්ක පදිංචි නිලන්ත ගුණසිංහ මහතා ද සිය නව නිර්මාණය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට හඳුන්වා දීම ද අද කර්මාන්තකරුවන්ගේ දිනයේ දී සිදුවිය.

සිය අධියාන්ත්‍රික දුරස්ථ පාලකය මගින් ඕනෑම ක්ෂේත්‍රයක යන්ත්‍රයක්, ඕනෑම දුරකථනයක් ආධාරයෙන් පමණක් දුරස්ථව පාලනය කළ හැකි බව මෙහි දී අදහස් දැක්වූ නිලන්ත ගුණසිංහ මහතා සඳහන් කළේය. දුම්රිය ආරක්ෂක දොරටු පාලනයට ධීවර කර්මාන්ත පොකුණුවල ජල සැපයුම් ක්‍රියාවලිය පාලනය සංචාරක හෝටල් කර්මාන්තය සඳහා කෘෂිකාර්මික වගා බිම් සඳහා වන ජල සැපයුම් පාලනයට, වන අලි උවදුරු ඇති ප්‍රදේශවල විදුලි රැහැන් පාලනයට මෙන්ම නිවෙස් ආරක්ෂණ පිළියමක් ලෙස ද තම අධියාන්ත්‍රක දුරස්ථ පාලකය යොදා ගත හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉහත නව නිපැයුම සඳහා වෙළඳපොළ නිර්මාණය කර දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස මෙම අවස්ථාවට එක්ව සිටි නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. ප්ලාස්ටික් යෝගට් හැන්දට ආදේශකයක් ලෙස දැව යෝගට් හැන්දක් වෙළඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි එහි නිපැයුම්කාරිනී නිලූකා මුතුතන්ත්‍රී මහත්මියට ද අදාළ නිලධාරීන්ට යොමු කර අවශ්‍ය සහයෝගය ලබා දීමට ඇමතිවරයා පියවර ගනු ලැබීය.

එසේ නව නිපැයුම්කරුවන් මෙන්ම කර්මාන්තකරුවන් විශාල පිරිසක් ද අද කර්මාන්ත අමාත්‍යවරයා හමුවූයේ සිය ගැටලු, දුෂ්කරතාවලට පිළියම් බලාපොරොත්තු වෙනි. ඔවුනට ද සවන් දෙමින් අදාළ අවශ්‍යතා සපුරා දීමට අමාත්‍යවරයා මැදිහත් විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම්

කර්මාන්ත අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවට ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නඩු දානවා-දිලිත්

රුපියල් කෝටි 10,000 කට වඩා අධික පාඩුවක් ගල් අඟුරු වංචාවෙන් රටට සිදුවී ඇති නිසා ඊට වගකිවයුතු ජනාධිපති බලශක්ති ඇමති ඇතළු කැබිනට් මණ්ඩලයට එරෙහිව දැඩි...

මුහුදු බෝම්බ මගහරිමින් හෝමූස් හරහා නෞකාවලට ගමන් කළ හැකි මාර්ගයක් ඉරානයෙන්

සටන් විරාමයේ කොටසක් ලෙස හෝමූස් සමූද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වීමෙන් අනතුරුව, මුහුදු බෝම්බ මඟහරවා ගනිමින් නෞකාවලට ගමන් කළ හැකි ආරක්ෂිත මාර්ග ඉරාන...

ලෙබනනයට ප්‍රහාර එල්ල කළොත් සටන් විරාමයෙන් ඉවත්වන බව ඉරානය පවසයි

ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන්නේ නම්, ඇමරිකානු සටන් විරාම ගිවිසුමෙන් තමන් ඉවත් වන බව ඉරානය පවසයි: විදෙස් මාධ්‍ය.

කප්පම් මුදලක් ගත් චෝදනාවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් දෙලක්ෂ හතලිස් හයදහසක කප්පම් මුදලක් ලබා ගත්තේ යැයි සඳහන් පැමිණිල්ලක් මත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.. පසුව, රත්නපුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img