Thursday, September 3, 2026
HomeNEWSLatest Newsරසායනික පොහොර නිසා තුවාල වුණු භූමිය කාබනික පොහොර යොදා සුවපත් කළ යුතුයි.

රසායනික පොහොර නිසා තුවාල වුණු භූමිය කාබනික පොහොර යොදා සුවපත් කළ යුතුයි.

රසායනික පොහොර නිසා තුවාල වුණු භූමිය කාබනික පොහොර යොදා සුවපත් කළ යුතුයි. 

අනුරාධා යහම්පත් – නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර

ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම මහපොළොවේ යතාර්ථයක් කිරීම සදහා සියළු දෙනාගේ දායකත්වය අවශ්‍ය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. එම ප්‍රතිපත්ති මාලාවේ ඇති පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය ඇති කිරීම කඩිනම් කළ යුතු බවට ආණ්ඩුකාරවරිය කීවාය.

කන්තලේ ගොවිජනපද ව්‍යාපාරයේ දැයට හිතැති ගොවිතැන ව්‍යෘපාතිය යටතේ අක්කර 100ක කාබනික වී වගාවෙන් අලුත් සහල් මංගලයට සහ වෙළද ප්‍රදර්ශනයට එක්වෙමින් බදාදා (09) පස්වරුවේ ඇය මේ බව කියා සිටියාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද කිවාය.

“අද මගේ ජීවිතේ එක් සන්ධිස්ථානයක්. මම කුඩා කාලයේ සිටම මේ ලස්සන රට වෙනුවෙන් හීන දැකපු කෙනෙක්. මම මේ රට ගැන බොහොම ආඩම්බරයි. රටට ආදරෙයි. හැබැයි මම රට වෙනුවෙන් කොච්චර හීන දැක්කත් ලංකාවෙ තියෙන ලස්සනම වැව ළගට ඇවිත් මේ වගේ රටට දැයට හිතකාමි උත්සවයකට සහභාගි වෙන්නට ලැබෙයි කියලා නම් හිතුවේ නෑ. මගේ ප්‍රධාන ඉලක්කය තිබුණේ දැයට හිතැති ගොවිතැන රටේ ගොවියන්ට හඳුන්වා දීමටත් අපේ පළාතේ ගොවියන් ඒ වෙනුවෙන් යොමුවීමටත් පෙර අපේ නිලධාරීන්ට මෙම දැයට හිතැති ගොවිතැන ගැන විශ්වාසයක් ඇති කිරීමට. අද මට හිතුනා අපේ නිලධාරීන් දැයට හිතැති ගොවිතැන ගැන වස විස නැති කාබනික පොහොර ගැන ඉතා ලොකු විශ්වාසයකින් ඉන්නවා කියලා. 

අලූත් සහල් මංගල්‍යයත් අපේ කන්තලේ ගොවි ජනතාවට අලුත් දෙයක් නෙවෙයි. නමුත් අද මේ අලුත් සහල් මංගල්‍යය විශේෂිතයි. මොකද ඒ අලුත් සහල් මංගල්‍යය අපේ පරම්පරා ගණනාවකට පෙර ඔබතුමන්ලා කරපු විදිහේ අලුත් සහල් මංගල්‍යයක්. වස විස නැති පරිසරයකට වත් පරිසරයේ කිසිම සතෙකුටවත් හානියක් නොවී වගා කරපු වී වලින් තමයි අද අලුත් සහල් මංගල්‍යය කළේ. ඉතින් මගේ යුතුකමක් වශයෙන් මම කරන්නේ ඔබතුමන්ලාට නැවත ඔබතුමන්ලාගේම පරම්පරාවෙන් රැගෙන ආ ඒ හොඳ ගොවිතැන නැවත මතක් කිරීමක් පමණයි.

මේ රසායනික පොහොර අපේ රටට අහම්බෙන් ආපු දෙයක් නෙවෙයි. අපි ඉල්ලලා ලැබිච්ච දේකුත් නෙවෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු තමයි බටහිර රටවල් මේ රසායනික පෝර නිෂ්පාදනය පටන් ගත්තේ කාරණා දෙකක් නිසා. රසායනික පොහොර ඒගොල්ලො පටන් ගත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ආහාර අහේනියක් මුළු ලෝකයේම තිබුණා. ඒ නිසා ඒගොල්ලොන්ට අවශ්‍ය වුණා ඉක්මනට ආහාර නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ අපිට හිතකාමීව දැයට හිතකාමී පරිසරයට හිතකාමී ව නෙවෙයි. ඉක්මනට ආහාර නිෂ්පාදනය කරන්න ක්‍රමවේදයක් හොයා ගත්තා ඊට අමතරව ඒ බලවත් රටවල් අතර හැමදාමත් බල පොරයක් තියෙනවා. ඒ බල පොරය තිබුණේ ඇමරිකාව සහ රුසියාව අතර ඇමරිකානු රජයත් රුසියානු රජයත් හිටියේ සම්පූර්ණයෙන්ම වෙනස් මතවාද දෙකක. ඒ තම තමන්ගේ මතවාදය ප්‍රචලිත කරොත් තමයි ලෝකෙ බලවත්ම රට බවට පත්වෙන්නේ. ඉතින් ඇමරිකානු රජය තීරණය කරා හරි අපි බලවත්ම රට වෙන්නට ඕනේ නම් අපි ලෝකයේ තියන අනෙකුත් රටවල් ආහාර අහේනිය තියෙන රටවලට යන්න ඕනේ. ඒ  රටවල් වලට අලුත් ක්‍රමවේදයන් හුරු පුරුදු කරන්නට ඕනේ කියලා.

මේගොල්ලේ අනෙක් රටවල් වලට වාණිජමය ගොවිතැන පුරුදු කළා. ඒගොල්ලෝ ඇත්තටම ඒකට කිව්වේ හරිත විප්ලවය කියලා. ඒ විප්ලවයේ කිසිම හරිතභාවයක් නෑ මොකද ඒ විප්ලවය හරහා තමයි රසායනික පොහොර සදහා යන්ත්‍ර උපකරණ ඒ රටවල් වලට පුරුදු කළේ. රටවල් ඔක්කොම ලොක යුද්ධයෙන් පිඩා විදලා හිටපු හින්දා මේ හැම රටටම මුදල් අවශ්‍යතාවය තිබුණා අදටත් අපි ආදරයෙන් පිළි අරන් තියෙන ලෝක ආහාර සංවිධානය වගේ සංවිධාන ලෝක යුද්ධයෙන් පසුව තමයි ඇති කළේ. ඒ සංවිධාන තමයි අපේ මේ රටවල් වලට ක්‍රමවේදයන් ඇතුල් කළේ. යන්ත්‍ර උපකරණ යොදා ගෙන කාෂිකර්මය කිරීම සහ රසායනික කෘෂිකර්මය. අපේ අවශ්‍යතාවයකට නෙමෙයි මේ පොහොර අපේ රටට ආවේ. අපිට තිබුණේ බටහිර ගැති මානසිකත්වයක් අපි බටහිරට යටත් වෙලා හිටිය කාලයක් තිබුණ නිසා. අපි විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය භාර ගත්තා ඉක්මනින් ආහාර නිෂ්පාදනය කිරීමට නමුත් හුගක් රටවල් අද වෙන කොට මෙකෙන් වෙච්ච හානිය තේරුම් අරගෙන රසායනික පොහොර වලින් තමන්ගේ පස විනාශවන බව තේරුම් අරගෙන මිනිස්සු ලෙඩ්ඩු වෙන බව තේරුම් අරගෙන අනාගත පරම්පරාවක් විනාශ වන බව තේරුම් අරගෙන ක්‍රම ක්‍රමයෙන් මේ ක්‍රමවේදයන් වලින් ඇත් වෙලා. අපේ රට තමයි තවමත් චුට්ටක් පසුගාමී වෙලා ඉන්නේ හැකි ඉක්මනින් මේ රට රසායනික පොහොර වලින් ඇත් වෙන්න ඔනේ අපි සෞභාග්‍යමත් දේශයක් ගැන කතා කරනවා. අපි සෞභාග්‍යමත් දේශයක් වෙලා හිටපු රටක් අලුතින් කතා කරන්නවත් අලුතින් දෙයක් ගේන්නවත් ඔනේ නැහැ

දෙවනි අග්බෝ රජු වැනි රජවරුන් මේ කන්තලේ වැව වගේ විශාල වැව් හැදුවා.මේවා අහම්බෙන් වැහි ජලය එකතු වෙලා හැදුන දේවල් නෙමෙයි අපේ ඔබේ මිතුන්මිත්තන් හදපු දේවල් මේ වාගේ වැවක් හදන්න පුළුවන් රජවරු හිටිය නම් අවුරුදු 1000කට 2000කට ඉස්සරලා ඒ වැව හරහා රටක් ස්වයංපෝෂිත කරන්න පුළුවන් වුණ ජාතියක් නම් ඇයි අපි අද බය වෙන්නේ. අපිට හිතැති රටට හිතැති අපේ අනාගතය තව දුරටත් ආරක්ෂා කරගන්නට ඔනේ ක්‍රමවේදයන් වලට යන්න අවශ්‍යයි. ඉතින් ඒ මුලික පරමාර්ථයෙන් තමයි මේ ගොවිතැන ආරම්භ කළේ. අපේ පොළව දැන් කෘෂිරසායන නිසා විනාශ වෙලා තියෙනවා විනාශ වෙලා තියෙන පොළොව නැවත පණ ගැන්විමට තමයි මේ කාබනික පොහොර ඇත්තටම යොදවන්නට ඕනෑ. මමත් ගොවි පවුලකින් එන්නේ. අපේ සීයලා ගොවිතැන් කරනකොට කුඹුරු වලට කිසිම පොහොරක් දානවා මම දැකලා නෑ අපේ කුඹුරම ඒ තරම් සාරවත්. නමුත් දැන් අපිට තියෙන්නේ තුවාල වෙච්ච පසක්. ඒවා සුවපත් කිරීම සදහා තමයි මේ කාබනික පොහොර අවශ්‍යඅපිට තව මාස දෙක තුනක් කොවිඩ් තිබුණා නම් අපිට තේරෙයි අපි කොයිතරම් ස්වාධීන ද කියලා අපි හාමතේ මැරෙනවා ඇත්තටම අපි හාමතේ මැරුනොත් අපි ලැජ්ජා වෙන්න ඔනේ අපේ මුතුන්මිත්තෝ මේ තරම් දායදයන් අපිට දීලා මේ තරම් සුන්දර සාරවත් පසක් අපිට තිබිලාත් අපිට ස්වයංපෝෂිත වෙන්න බැරි නම් ස්වාධින වෙන්න බැරි නම් අපේ අභිමානය කෝ.අපි කතා කරන අභිමානවත් සංස්කෘතිය කෝ.

අපේ ජනාධිපතිතුමන්ගේ සෞභග්‍යයේ දැක්මත් සමග එකතුව තමයි අපි මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්නේ. අපි දැක්මවල් සංකල්ප විතරක් අපිට තිබිලා මදි මේ දැක්ම සංකල්ප මහපොළොවේ යතාර්ථයක් බවට පත් කරන්නට අපට ඔබ සියළුදෙනාගේම දායකත්වය අවශ්‍යයි. යැයි ද” ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාව සදහා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, දැයට හිතැති ගොවිතැන ව්‍යාපෘතියේ අපදේශක ආචාර්ය කීර්ති වික්‍රමසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් අසංක අබේවර්ධන, පළාත් කෘෂිකර්ම ලේකම්,  පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ඇතුළු නිළධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img