Thursday, September 3, 2026
HomeCABINET DECISIONSවිදෙස් සංචිත,තෙල්, ගෑස් ඇතුළු කරුණු කිහිපයක් ගැන කැබිනට් අනුකමිටුවේ අවධානය.

විදෙස් සංචිත,තෙල්, ගෑස් ඇතුළු කරුණු කිහිපයක් ගැන කැබිනට් අනුකමිටුවේ අවධානය.

මැදපෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි අභියෝග පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වුණාමැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි තත්ත්වයන්ට මුහුණ දීම පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද රැස් වුණා. ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙනි. අද (25) පෙරවරුවේ මෙම අනුකමිටුව රැස්වූයේ වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජා, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, බලශක්ති අමාත්‍යංශ ලේකම් ආචාර්ය උදයංග හේමපාල, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් විමලේන්ද්‍රරාජා සහ ශ්‍රී ලංකා තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන අයගේ සහභාගීත්වයෙනි.විචලනය වන ගෝලීය තත්වයන් සහ ප්‍රවනතා හමුවේ ශ්‍රී ලංකාවේ ආනයන අපනයන වෙළඳපල හැසිරීම, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සහ විදෙස් රැකියා කර්මාන්තය සහ විදෙස් සංචිතවලට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ විශේෂ අවධානය යොමු විය. මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක්විය හැකි සියලු කේෂ්ත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනය කිරීම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්වීමේ දී සිදු කළේ ය.දැනට ශ්‍රී ලංකාව සතුව තිබෙන බොර තෙල්, ගෑස්, ගල් හා අඟුරු සංචිත පිළිබඳවත් ඉදිරි මාස කිහිපය සඳහා කර තිබෙන ඇනවුම් පිළිබඳවත් අනුකමිටුව සමාලෝචනය කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට තෙල්, බොරතෙල් සහ ගෑස් ආනයනය කිරීමේ දී අවධානමක් පැනනැගීමේ තත්වයක් නොතිබුණත් පූර්ව සූදානමක් ලෙස විකල්ප සැපයුම්කරුවන් සොයාගැනීම සම්බන්ධයන් කමිටුව තීරණය කළේ ය. මීට අමතරව එම කලාපයෙන් ආනයනය කරනු ලබන සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය සංචිත අවශ්‍ය ප්‍රමාණයෙන් පවත්වාගෙන යාම මෙන්ම සැපයුම් ජාලවලට ඇතිවන බාධාවන්ට අනුගත වන පරිදි පූර්ව සූදානමක් ලෙස විකල්ප සැපයුම්කරුවන් සොයාගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව එකඟ විය.තේ ඇතුළු ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග කලාපයට අපනයන කරනු ලබන භාණ්ඩ සඳහා එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද කැබිනට් අනුකමිටුව සාකච්ඡා කළ අතර ඒ සඳහා විකල්ප වෙළඳපල අවස්ථා විවෘත කරගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දුන්නේ ය. මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය තුළ විදේශ ප්‍රේෂනවලට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ අතර එම කලාපයේ විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කිරීමටත් යුද ගැටුම් උත්සන්න වුවහොත් ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වීමට සූදානමින් පසුවීමටත් එකඟතාවයට පැමිණියේ ය. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img