Friday, April 10, 2026
HomeCABINET DECISIONSමැද පෙරදිග අර්බුදය රටට බලපාන ආකාරය සොයා බැලීමට ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් කැබිනට්...

මැද පෙරදිග අර්බුදය රටට බලපාන ආකාරය සොයා බැලීමට ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක්.

මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතවී ඇති යුද තත්ත්වය සමග ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.පූර්ව සුදානමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.ඒ අනුව මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක්විය හැකි සියලු කේෂ්ත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කර තිබේ.එම අනුකමිටුවට සහාය වීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.කමිටු සාමාජිකයින් මෙසේය.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් (සභාපති)වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නවෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහබලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවට ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නඩු දානවා-දිලිත්

රුපියල් කෝටි 10,000 කට වඩා අධික පාඩුවක් ගල් අඟුරු වංචාවෙන් රටට සිදුවී ඇති නිසා ඊට වගකිවයුතු ජනාධිපති බලශක්ති ඇමති ඇතළු කැබිනට් මණ්ඩලයට එරෙහිව දැඩි...

මුහුදු බෝම්බ මගහරිමින් හෝමූස් හරහා නෞකාවලට ගමන් කළ හැකි මාර්ගයක් ඉරානයෙන්

සටන් විරාමයේ කොටසක් ලෙස හෝමූස් සමූද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වීමෙන් අනතුරුව, මුහුදු බෝම්බ මඟහරවා ගනිමින් නෞකාවලට ගමන් කළ හැකි ආරක්ෂිත මාර්ග ඉරාන...

ලෙබනනයට ප්‍රහාර එල්ල කළොත් සටන් විරාමයෙන් ඉවත්වන බව ඉරානය පවසයි

ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන්නේ නම්, ඇමරිකානු සටන් විරාම ගිවිසුමෙන් තමන් ඉවත් වන බව ඉරානය පවසයි: විදෙස් මාධ්‍ය.

කප්පම් මුදලක් ගත් චෝදනාවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් දෙලක්ෂ හතලිස් හයදහසක කප්පම් මුදලක් ලබා ගත්තේ යැයි සඳහන් පැමිණිල්ලක් මත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.. පසුව, රත්නපුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img