Saturday, October 24, 2026
HomeNEWSළමයින් වෙළඳාම් වැඩවලට යොදාගත්තොත් වැඩ වරදී.

ළමයින් වෙළඳාම් වැඩවලට යොදාගත්තොත් වැඩ වරදී.

ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත.ළමා වෙළෙඳාම බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධයක් වශයෙන් සලකනු ලබයි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති රාමු යටතේ වන බැදීම් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සිය ජාතික ප්‍රතිචාරය නෛතික ආයතන සහ කාර්ය පටිපාටිමය යාන්ත්‍රණයක් තුළින් සවිමත් කිරීමට කැප වී සිටී. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් හා එක්ව “ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, විමර්ශනය කිරිම සහ නඩු පැවරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය” යනුවෙන් පුළුල් සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කර ඇත. එකී සම්මත මෙහෙයුම් පටිපාටිය සඳහා නීතිපතිගේ නිෂ්කාශණය ලැබී තිබේ. ඒ අනුව, ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය අදාළ පාර්ශ්වකරුවන් විසින් විධිමත් ව ක්‍රියාවට නැංවීමට හැකිවන සේ එකී සම්මත මෙහෙයුම් පටිපාටිය රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img