Saturday, October 24, 2026
HomeNEWSLatest Newsඋසස් පෙළ ගණිතය සමත් සිසුන්ට සුබ ආරංචියක්

උසස් පෙළ ගණිතය සමත් සිසුන්ට සුබ ආරංචියක්

මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සඳහා සිසුන් 405ක් වැඩි කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසී ය. 

ලංකාවේ දැනට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සහිත විශ්වවිද්‍යාල වශයෙන් පවතින පේරාදෙණිය, ජයවර්ධනපුර, යාපනය, රුහුණ, මොරටුව සහ අග්නිදිග විශ්වවිද්‍යාල සඳහා මෙම සිසුන් 405 ඇතුළත් කර ගැනීමට නියමිත ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අමාත්‍යවරයා වශයෙන් මා හෝ අප රජය විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු සඳහා මැදිහත් වීමට බලාපොරොත්තුවක් නැහැ. අපට අවශ්‍ය අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කොට තිබෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කටයුතු කරන්නට. 

එහි ඉලක්කයන් සපුරා ගන්නට. විශේෂයෙන් ම දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැලපීමට පිළියම් සෙවීමට. ඒ සඳහා වෘත්තීය අභිමුඛ පාඨමාලාවක් වන ඉංජිනේරු පාඨමාලාව සඳහා මේ වසරේ නවක සිසුන් 405ක් ඇතුළත් කරගැනීම අප තබන ඉදිරි පියවරක්” යනුවෙන් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img