Thursday, September 3, 2026
HomeNEWSLatest Newsඅපරාධ නඩුවල සාක්ෂි දීම මඟහරින නව ප්‍රවණතාවය

අපරාධ නඩුවල සාක්ෂි දීම මඟහරින නව ප්‍රවණතාවය

අපරාධ නඩුවල සාක්ෂිකරුවන් එම නඩු වලදී සාක්ෂි දීම මගහැරීම සඳහා නඩු විභාගයට පෙර දින රෝහල් ගත වීමේ නව ප්‍රවණතාවයක් නිර්මාණය වෙමින් තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (18) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මේ බව අවධාරණය කර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණත් එහි සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටි හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයෙක් වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් දිසානායක නමැති නිලධාරියා සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ එම සාක්ෂිකරු ඊයේ (17) දින හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇති වූ බව සඳහන් කරමින් පුත්තලම රෝහලට ඇතුළත් වී සිටින බවය.

මෙහිදී අධිකරණය ඇමතූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ නඩුවල වැදගත් හා තීරණාත්මක සාක්ෂිකරුවන් එම නඩු විභාග ආරම්භ වන දිනට පෙර දින හදිසියේ රෝහල් ගත වීමේ නව ප්‍රවණතාවක් නිර්මාණය වී තිබෙන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙසේ හදිසියේ  රෝහල් ගත වන සාක්ෂිකරුවන් නඩු විභාගය කල් දැමූ පසු එදිනම රෝහලින් පිටව යන බවත් අදාල නඩුවලදී  සාක්ෂි දීම මඟහැරීමේ අරමුණින් ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බව පෙනී යන්නේ යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව අධිකරණය කිසිවක් නොදන්නේ යැයි සිතමින් ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බවද සඳහන් කෙරිණි.

තමන්ගේ මෙම ක්‍රියා කලාපය ඉදිරියේ අධිකරණය, නිද්‍රාශීලීව සිටිනු ඇතැයි, ඔවුන් විශ්වාස කරන බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම සාක්ෂිකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව ඔහු ප්‍රතිකාර ලබන පුත්තලම මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම සාක්ෂිකරු සම්බන්ධයෙන් විධිමත් වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තුවක්ද නිකුත් කිරීමට කටයුතු කළේය.

අදාළ සාක්ෂිකරු රෝහලෙන් නික්ම යාමෙන් පසුව එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img