- සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා………..
සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ ක්‍රියා කරනු ලැබුවද අපි අනුරාධපුරයේ කුමණ හෝ ස්ථානයක මෙම විරෝධතාවය කිරීම කිසිම කෙනෙකුට නැවැත්විය නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා,
“ අපි අනුරාධපුරයේ සැප්තැම්බර් 12 වෙනිදා තිබෙන විරෝධතා රැළිය සම්බන්ධයෙන් මේ වෙද්දි ආණ්ඩුව දක්වන ප්‍රතිචාරයන් පිළිබඳව ඊයේ දවසේ මතු කෙරුවා.
විපක්ෂය කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගේන ප්‍රධානම දේශපාලන බලවේගය. දැන් සිටින ආණ්ඩුවට විපක්ෂයේ සිටින කාලයේ ජනතාව නොයෙකුත් පණිවිඩ ගෙනාවා. ආණ්ඩුව ඒ අවස්ථාවේ විපක්ෂයේ සිටින කාලයේ ඒවා ඉටුකරන බවට පොරොන්දු දුන්නා. එමනිසා ජනතාව විසින් මේ වත්මන් ආණ්ඩුව පත්කරනු ලැබුවා. දැන් ඒ පොරොන්දු ඉටුකරගන්න නොහැකිවු විට, ජනතාවට ඒ පොරොන්දු ඉටුවෙන්න නැතිවූ විට ජනතාව නැවත ආණ්ඩුව පසුපස එන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව දැනගතයුතුයි ඒ විශ්වාසය දිනාගන්න. ආණ්ඩුව ඒ විශ්වාසය දිනාගන්නවා වෙනුවට ආණ්ඩුවට ගැලපෙන නීතිරිති ටික හදාගනෙ, ආණ්ඩුවට වුවමනා කරන ආකාරයට ජනතාවගේ ප්‍රශ්න යටපත් කරන්න හදමින්, ආණ්ඩුව වෙනත් ගමනක් යන්න සූදානම් වන විට එහි තිබෙන විරෝධය අපි සල්ගාදු පිටියට ගෙනියන්න ගියේ. ඒ වගේම ආණ්ඩුව අපිට සමච්චල් කළේ ගම්වල පොඩි පොඩි රැස්වීම් පැවැත්තුවට ආණ්ඩුවට දැනෙන්නේ නැහැ කියලා. එසේනම් ආණ්ඩුවට දැනෙන්න අපිට එය කරන්න සල්ගාදුපිටිය දුන්නානම් කෙතරම් වටිනවාද? නමුත් නීතිරිති හදලා, මෙතරම් කාලයකට පාවිචිචි කළ සල්ගාදු පිටිය දීම වළක්වන්න ඇයි ආණ්ඩුව මෙතරම් කටයුතු කරන්නේ. ඒ නිසා ආණ්ඩුවට විශාල භීතියක් තිබෙනවා විශේෂයෙන්ම විපක්ෂයේ කණ්ඩායම් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන බලවේගය ගැන, නාමල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන බලවේගය ගැන. ඒ නිසා අපිව දිනපතා CID එකට ගෙන්වනවා. ඒ නිසා ආණ්ඩුව උත්සහ කරනවා යම් යම් මර්ධනකාරී ක්‍රියා කරන්න.
අපි කඩපිල් ගානේ ගියේ නැහැ. අපි ගියේ ගොවියා ලඟට, කර්මාන්කරුවා ලඟට. අපි ගියේ ගමට බිමට. ඒ ගිය හැමතැනකදිම තිබුණු ආණ්ඩු විරෝධය තමයි අපි අනුරාධපුරයට ගොනු කරන්නේ. නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියා ගැන මේ වෙද්දි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පත්වෙච්ච ප්‍රධානම කැබිනට් ඇමතිවරු දෙදෙනා සහ ජනාධිපති එම දිස්ත්‍රික්කයට මොනවද කර තිබෙන්නේ? පොහොර පිළිබඳව කතාවක් නැහැ. එහි ජනතාව තමන්ගේ කනකර උකස් තබා, මහා පොළොව සමඟ ඔට්ටුවෙලා අද වෙද්දි දියපොදක් නැති මහා කටුක කාෂ්ටක ජිවිතයක් ගතකරන ඒ ජනතාව ගැන සොයන්න, බලන්න, අහන්න කෙනෙක් නැහැ. ලාල් කාන්ත ගෙවල් දොරවල් හදාගෙන ඒ පිරිස වැජඹෙනවා, ජිවත්වෙනවා. ඒ නිසා මේවා සම්බන්ධයෙන් ඒ ඒ ආයතනවලට පැමිණිලි ගියත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලිම මේ විරෝධතාවය ගෙන්නේ. අපිට සාල්ගාදු පිටිය නොදුන්නට අපි අනුරාධපුරයේ කුමණ හෝ ස්ථානයක අපි මේ විරෝධතාවය කරන එක කිසිම කෙනෙකුට නැවැත්විය නොහැක. මෙය නවත්වන්න ආණ්ඩුව විශාල වශයෙන් වැඩකරනු ලබනවා. මොන ප්‍රශ්න ගෙනාවත් අනුරාධපුරයේ ජනතාවටත්, ගොවි ජනතාවටත් ප්‍රකාශ කර සිටිනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔබලා වෙනුවෙන් පෙනි සිටින අතර ඔබලාගේ ආණ්ඩුව විරෝධය වෙනුවෙන් නායකත්වය ගන්න මේ රැළිය නවතවන්නේ නැහැ.
ඒ වගේම අද වෙද්දි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දෙවෙනි දවසට පෙත්සම් විභාගයට ගැගෙනනවා. මෙය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමක් බව නීතිඥවරු සහ නීතිඥ සංගමය දිගින් දිගටම ප්‍රකාශ කර සිටිනවා. ඒ නිසා අද අධිකරණයේ මේ විභාගයට ගැනෙන කරුණු පවා අද සමාජයට දෙන්නේ නරක පණිවිඩයක්. මෙය ගෙනත් විනිශ්චකරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳව ජනතාගේ විරෝධයක් නැහැ. හැබැයි මේ දාහක් ප්‍රශ්න තිබෙන රටේ මේ මාස ගාණක ප්‍රශ්නයක් මාසයක් දෙකක් ඇතුලත විසඳන්න ආණ්ඩුව උත්සහ කරන තක්කඩි ක්‍රමවේද ජනතාව අතර ප්‍රශ්නයක් තිබෙන්නේ. තවමත් මේ රටේ ජනතාව අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳව අසිමිත විශ්වාසයක් තබාගෙන සිටින්නේ. ඒ විශ්වාසනීය තැන පාවිච්චි කරලා ආණ්ඩුව තක්කඩිකමක් කරන්න හදනවානම් රටේ ජනතාව ඒ සඳහා උත්තර ලබාදෙයි. ඒ නිසා අනාවරණය වෙන කරුණුත් සමඟ මේ උත්තරීතර අධිකරණට, විනිශ්චකරුවන්ට හානියක් කරන්න එපා. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.
තිලක් තේනුවර,
මාධ්‍ය අංශ ප්‍රධානි,
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.






















