මාලිමා ආණ්ඩුවට කඩේ යන දෙමළ ඩයස්පෝරාවක් වගේම මුස්ලිම් ඩයස්පෝරාවකුත් සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්ය හමුවකටට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා මෙසේද පැවසුවේය.
කොටි ඩයස්පෝරාව වගේම දෙමළ ඩයස්පෝරාව වගේම මුස්ලිම් ඩයස්පෝරාවකුත් අද මේ ආණ්ඩුවට කඩේ යනවා.
මේකෙන් සිදු වෙන්නේ ජාතිභේද හා ආගම්භේද යළි ඇතිවීමයි.මේ තුළින් තවත් සහරාන්ලා බිහිවීමේ අවදානමකුත් පවතින බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි.
71 කැරැල්ල , 1988 භීෂණ කාලයට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන හොඳින්ම දන්නවා කොහොමද මනස වෙනස් කරන වැඩේ කරන්නේ කියලා.
මං ඩෝබීන් කියලා චෝදනා කරයි කියලත් කියනවා. ඉතින් මෛත්රී මහත්තයට ඡන්දය දුනු කට්ටියට කිව්වේ ටොයියෝ කියලා . මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නු කට්ටියට කිව්වේ බයියො කියලා. මාලිමාවට ඡන්දෙ දුන්නු කට්ටියට කියන්නේ ඩෝබියෝ කියල තමයි. මොකද මම මහින්ද මහත්තයාට ඡන්දෙ දුන්නු කාලේ මටත් කිව්වේ බයියෙක් කියලා. ඒ නිසා මාලිවට ඡන්දෙ දුන්න කට්ටියට කියන්නේ කොහොමත් ඩෝබියෝ කියලා තමයි.






















