Friday, October 23, 2026
HomeNEWSසමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය කණ්ඩායම්, ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇත.

වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන මෙම පිරිමි වන අලියා සාමාන්‍යයෙන් මනා ශරීර සෞඛ්‍යයකින් යුත්, පුෂ්ටිමත් සතෙකු බව නිරීක්ෂණය වී ඇත. සත්වයාගේ බාහිර ශරීරයේ කිසිදු තුවාලයක් දක්නට නොලැබුණද, උදරය අසාමාන්‍ය ලෙස ඉදිමී පැවතීම හේතුවෙන් කිසියම් විසක් ශරීරගත වීමක් හෝ නොදිරන පොලිතීන් වර්ග ආහාරයට ගැනීම නිසා ඇති වූ ආමාශයික අවහිරතාවක් මෙලෙස රෝගාතුර වීමට හේතු වන්නට ඇතැයි මූලිකව සැක කෙරේ.

නැගෙනහිර කලාපීය වනජීවී පශු වෛද්‍ය ඒකකය, අම්පාර වනජීවී අඩවි කාර්යාලය සහ සමන්තුරේ බීට්ටු කාර්යාලය එක්ව අදාළ දැඩි සත්කාර ප්‍රතිකාර කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි. ඒ අනුව ඊයේ (22) දිනයේදී සත්වයාට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට පියවර ගැනිණි.

ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සත්වයා වැටී සිටි පරිශ්‍රය ජලයෙන් යටවීම ප්‍රතිකාර කටයුතුවලට වුවත්, ප්‍රතිකාර කටයුතු බාධාවකින් තොරව සිදුකිරීම සඳහා එම ස්ථානයට වැලි යොදා භූමිය සකස් කිරීමේ කටයුතු මේ වන විට යුහුසුලුව සිදුකෙරේ.

මෙම සංකීර්ණ බේරාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 10 දෙනෙකුගේ සහාය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති අතර, පොලිස් නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ද ඊට හිමිව ඇත.

සත්වයාගේ ආරක්ෂාව තහවුරු කරමින් නියමිත වේලාවට ඖෂධ ලබාදීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයේ රැඳී සිටිමින් අඛණ්ඩ නිරීක්ෂණ කටයුතුවල නිරත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමාවට කඩේ යන මුස්ලිම් ඩයස්පෝරාවකුත් ඉන්නවා- නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුවට කඩේ යන දෙමළ ඩයස්‌පෝරාවක් වගේම මුස්ලිම් ඩයස්පෝරාවකුත් සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ...

නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම්-ජනපති

රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයජනපති ප්‍රධානත්වයෙන් නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම් ජනපති ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී, කාර්යක්ෂම සහ නූතන...

හෝමුස්හි නෞකාවලට පහරදීමත් සමගම බොර තෙල් මිල යළිත් ඉහළට

හූති ප්‍රහාර, හෝමුස්හි නෞකාවලට පහරදුන් බව ඉරානය ප්‍රකාශ කිරීම ඇතුළු තත්ත්වයන් සමඟ, බ්‍රෙන්ට් බොර තෙල් මිල මැයි 5 වනදාට පසු ඉහළම අගය වන ඇ:ඩො:115...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි. හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටියි.කොලඹ පිහිටි පෞද්ගලික...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img