Friday, October 23, 2026
HomeNEWSසාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී වගකිවයුතු ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සිවිල් පුරවැසියන් යම් උද්ඝෝෂණයක නිරත වන බවත් ගරුතර මහා සංඝරත්නය හා සිවිල් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 14 වැනි වගන්තියේ දක්නට ලැබෙන බවත් තමන් විශ්වාස කරන මතයක් තුළ උද්ඝෝෂණය හා සාමකාමීව කටයුතු කිරීමේ අයිතියක් ඇති බවත් රජය මේ ගැන දන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය එවැනි තත්ත්වයක් තුළ උසාවි නියෝගයක් ගෙන මේ නිදහස් අදහස් ඉදිරිපත් කළ ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සිවිල් ප්‍රජාව ඉන් ඉවත් කරන්න කටයුතු කර ඇති බවත් සමහර නිලධාරීන් උසාවි නියෝග ලබා දීමේ දී කාන්තාවන්ගේ ඇඳුම් තුළට මේ උසාවි නියෝග ඇතුළු කිරීම වැනි වැරදි ක්‍රියාවක් ලෙසින් බවත් එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් එක් අතකින් රැස්වූ මහා සංඝරත්නය ප්‍රමුඛ සිවිල් පුරවැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක් වන රැස්වීමේ අදහස් පළ කිරීමේ නිදහස වළක්වනවා සේම මෙම උසාවි නියෝග ලබා දීම අශිෂ්ට ලෙස සිදු කර ඇති බවත් එය තරයේ හෙළා දකින බවත් රජය භාෂණයේ නිදහස ආරක්ෂා කර ශක්තිමත් කළ යුතු බවත් ජන වරම ලැබුණේ ඒ සඳහා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

රජය විසින් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් ගැසට් කර ඇති බවත් මෙය තුළින් විධායකයට අසීමිත බලතල ලැබී අත්අඩංගුවට ගැනීම රදවා ගැනීම හා සෝදිසි කිරීමට අධික බලතල ලැබෙනවා සේම පුද්ගල නිදහස සම්බන්ධයෙන් අධිකරණයේ අධීක්ෂණය පවා සීමා කර ඇති බවත් දශක 4කට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් දේශපාලන ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් මර්දනය කර ඇති බවත් හිජාස් හිස්බුල්ලා මහතා 2020 අප්‍රේල් 14 අත්අඩංගුවට ගෙන මාස 22ක් රඳවා තබා ගෙන අවසානයේ අභියාචනාධිකරණය විසින් මෙහි දී නීති අවභාවිත කර ඇති බව තීන්දු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාරක සභාවට ඉදිරිපත් කළ ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත‘ නෙවෙයි රජය ගැසට් කළේ

කාරක සභා වාර්තාවෙන් බැහැරව අලුත් පනත් ගෙන විත් ඇති බවත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා සමාලෝචන කෙටුම්පත හා ගැසට් කළ කෙටුම්පත අතර සැලකියයුතු වෙනසක් ඇති බවත් කාරක සභාවේ සාමාජිකයන්ගේ ඇස්වලට වැලි ගසා තමන්ට අවශ්‍ය දේ ඉදිරිපත් කර ඇති බවත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත තුළින් අනනර්තකාරී වෙනසකම් ඇති බවත් අනිවාර්ය රිමාන්ඩ් කිරීම, මහ අධිකරණයෙන් පමණක් ඇප ලබා ගැනීම යන කරුණු නිසා මානව අයිතිවාසිකම් පවා උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය හදන්නේ විධායකයේ බලතල වැඩි කරන්න

සංවිධාන තහනම් කිරීම සහ ඒ ආකාරව බලතල පුලුල් වීම නිශ්චිත පුද්ගලයා කියන නිර්වචනය ජනාධිපතිවරයා වෙත ඇති බලතල ඉහළ යාම පළාත් සභා සාමාජිකයන් ද ඇතුළත් කිරීමේ ක්‍රමවේද නිසා ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු වන බවත් සංවිධානාත්මක අපරාධ වැළැක්විමේ පනත ද පුළුල් බවත් කර්තෘ හිමිකම් වෙළෙද ලකුණු සුරාබදු වන සංරක්ෂණ සූදු බලපත්‍ර ආදී වැරැදි දරුණු අපරාධ ලෙස ඇතුළත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ අලුත් නීති අනුව අවසරයකින් තොරව ගීත ගායනා කරන ආධුනික සංගීත කණ්ඩායම් පවා සංවිධානාත්මක අපරාධකරුවන් වෙනවා

අවසරයකින් තොරව ගීත ගායනා කරන ආධුනික සංගීත කණ්ඩායමක් පවා සංවිධානාත්මක අපරාධකරුවන් බවට පත් කිරීමේ හැකියාව ඇති බවත් ඇදුම් පළදුම් කොන්ඩය වැවීම පච්ච කෙටීම ආදිය මත පදනම්ව තරුණයන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ලෙස හැඳින්වීමේ ගැටලුවක් ඇති බවත් සාක්ෂි නීති වෙනස් කිරීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වන බවත් මේ ගැන අවධානය යොමු කර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතික ආරක්ෂක පනත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් විය යුතුයි

රටට ජාතික ආරක්ෂක පනතක් අවශ්‍ය වුවත් මේවා ජාත්‍යන්තර සම්මුතීන් තුළ එකගතා තුළ ජාත්‍යන්තර ප්‍රඥප්ති තුළ පිළිගන්නා ක්‍රමවේද අනුව ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය රැකියා විරහිත උපාධිධාරීන් සහ ගුරු සංවර්ධන නිලධාරීන් රැවටුවා

අද 80000ක් රැකියා විරහිත උපාධිධාරීන් සේම ගුරු සංවර්ධන නිලධාරීන් 16000ක් ද සිටින බවත් මේ අය මේ රජය බිහි කරන්න විශාල කැපකිරීමක් කළ බවත් දිස්ත්‍රික් මට්ටමින් රැකියා විරහිත උපාධිධාරී සංගම් බිහි කරමින් රැකියා පොරොන්දු වූ බවත් අනුර කුමාර දිසානායක ජනාධිපති කර බහුතරය ගන්න සහාය ඉල්ලා අද මේ පොරොන්දු කඩ කර ඇති බවත් දැන්වත් මේ අය සමග ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් තවදුරටත් මොවුන් මංමුලාකරා ඇති බවත් දැන්වත් මොවුන්ගේ මානව හා මූලික අයිතියක් වන රැකියාවක් කිරීමේ අයිතිය ලබා දෙන ලෙසත් මෙහි දී විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

රජයෙ ජලභීතීකා මර්දන පනතේ පවා ගැටලු රැසක් තිබෙනවා

ජලභීතිකා ක්ෂේත්‍රයේ 4 වැනි වගන්තිය තුළින් යම් සාධනීය වෙනසක් ඇති කරන්න අපේක්ෂා කරන බවත් වංසගත රෝග නිවාරණ අංශයේ යටතේ ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය වෛද්‍ය අංශය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල කේන්ද්‍ර කර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල මුල්කර ගෙන සිදු කරන ලද මෙම වැඩසටහන සහමුලින්ම පශු වෛද්‍ය ඒකකය හරහා ක්‍රියාත්මක කිරීම නිසා ගැටලු පැන නැගිය හැකි බවත් 2018 වසරේ දී රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් මෙවැනිම වෙනසක් සිදු කළ නිසා ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ යම් පලුදු වීමක් සිදුවූ බවත් එම නිසා මේ ගැන සොයා බලා පශූ වෛද්‍ය ක්ෂේත්‍රය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්ෂේත්‍රයේ දෙකේම සම්බන්ධ කර ගෙන පශූ එන්නත් සහකාර නිලධාරීන්ගේ ද සේවය ගෙන හොඳ වැඩපිළිවෙළක් කරා යන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...

මාලිමාවට කඩේ යන මුස්ලිම් ඩයස්පෝරාවකුත් ඉන්නවා- නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුවට කඩේ යන දෙමළ ඩයස්‌පෝරාවක් වගේම මුස්ලිම් ඩයස්පෝරාවකුත් සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ...

නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම්-ජනපති

රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයජනපති ප්‍රධානත්වයෙන් නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම් ජනපති ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී, කාර්යක්ෂම සහ නූතන...

හෝමුස්හි නෞකාවලට පහරදීමත් සමගම බොර තෙල් මිල යළිත් ඉහළට

හූති ප්‍රහාර, හෝමුස්හි නෞකාවලට පහරදුන් බව ඉරානය ප්‍රකාශ කිරීම ඇතුළු තත්ත්වයන් සමඟ, බ්‍රෙන්ට් බොර තෙල් මිල මැයි 5 වනදාට පසු ඉහළම අගය වන ඇ:ඩො:115...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img