Thursday, September 3, 2026
HomeNEWSLatest Newsරාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

රජයේ මැති ඇමතිවරු සාම්ප්‍රදායිකව පවත්වන මාධ්‍ය හමුවලින් ඔබ්බට ගොස් වෙනස්ම ආකාරයක අදහස් දැක්වීමක් අද (18) දංකොටුව ප්‍රදේශයේ දී සිදුවිය.

ඒ වත්මන් රජයේ, රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසක් උඩට නැගී මාධ්‍යයට අදහස් පළ කර සිටිම නිසා ය.

ලෝක වෙළෙඳපොළේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ලංකාව තුළත් පොල් මිල ඉහළ ගොස් ඇතැයි පොල්,තල්, කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

දංකොටුවේ පිහිටි සිය වත්තේ පොල් ගසකට නැඟි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පොල් ගෙඩි කිහිපයක් ද කඩා බිම දැමු බව “අද දෙරණ “ වාර්තාකරු කියා සිටියේය.

පොල් ගසේ සිට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පොල් කඩන කම්කරුවන්ට ගසකට රුපියල් 100ක මුදලක් ලබා දිය යුතු බවය.

පොල් කැඩීම හා රා නිෂ්පාදනය සඳහා අවශ්‍ය කම්කරුවන් සොයා ගැනීම පවා මේ වන විට අපහසු වී ඇතැයි පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, පොල් මිල කෙතරම් ඉහළ ගිය ද පිටරටින් ගෙන්වීමට කටයුතු නොකරන බව ද පැවසීය.

අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසට නැඟීම සඳහා වරකාපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කළ යන්ත්‍රයක් උපයෝගි කර ගැනීම ද මෙහි විශේෂත්වයක් විය.

එම උපකරණය ඉදිරි මාස කිහිපය තුළ දී මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන බවද  ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img