Sunday, October 25, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා මහත්මිය අද 2020.09.14 දින අරලියගහ මන්දිරයේදී  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූවාය.

ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙරටේ නියෝජිතයෝ මෙහිදී සාකච්ඡා කළහ. 

ඉතාලි රජය මේ වන විටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ආධාර ලබා දී ඇති නමුත් ආහාර සැකසීම, ජලජීවී වගාව සහ පාරිසරික සංචාරක ව්‍යාපාරය ඇතුළු විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අනාගත සහයෝගීතාව වර්ධනය කිරීමට උනන්දුවක් දක්වයි.

ඉතාලියේ  සමාගම්  රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක ආශ්‍රිත ආයෝජන කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බව තානාපතිනි ජුලියානා මැනෙල්ලා මහත්මිය පෙන්වා දුන්නාය.

සංචාරක ප්‍රවර්ධනය සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කළ හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී තානාපතිනියගේ  අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 දී පිහිටුවන ලදී.  2016 දී මිලාන්හි කොන්සල් ජනරාල්වරයකු පත් කිරීම ඔස්සේ මෙම සබඳතා තවත් වර්ධනය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img