Saturday, October 24, 2026
HomeNEWSNDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්

ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දැක්ම NDTV World Summit 2026 දී අවධාරණය කෙරේ.

ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඉදිරියට ගමන් කරමින්, ජාත්‍යන්තර ආයෝජන, කර්මාන්ත සංවර්ධනය සහ වෙළෙඳ හවුල්කාරිත්වයන් ඔස්සේ කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දැක්ම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති NDTV World Summit 2026 සමුළුවේදී “Sri Lanka’s Economic Reset: Recovery, Resilience and the Road Ahead” යන සැසියට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව වෙළෙඳාම, පර්යේෂණ හා සංවර්ධනය, තාක්ෂණය සහ දක්ෂ මානව සම්පත පදනම් කරගත් කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ හැකියාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමට සහාය වීමෙන් ඔබ්බට ගොස් එහි ඉදිරි වර්ධනයේ හවුල්කරුවන් බවට පත්වන ලෙස ජාත්‍යන්තර ආයෝජකයන්ට ආරාධනා කළේය.

කර්මාන්ත සංවර්ධනය සඳහා නව කර්මාන්ත කලාප 18ක් ස්ථාපිත කිරීමේ සැලසුමක් පිළිබඳව සඳහන් කළ ඒ මහතා, ශ්‍රී ලාංකික ව්‍යාපාර සමඟ හවුල්කාරිත්වයන් ඇති කරගැනීම, තාක්ෂණ හුවමාරුව සහ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා විදේශීය සමාගම්වලට පවතින අවස්ථාද අවධාරණය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කාර්මික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, නිෂ්පාදන කර්මාන්ත, කෘෂි අගය එකතු කිරීම, සැපයුම් දාම, පුනර්ජනනීය බලශක්තිය සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල දෙරටටම ප්‍රතිලාභ අත්කරගත හැකි බව සඳහන් කළේය.

ආයෝජන ක්‍රියාවලීන් සරල කිරීම, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සහ පැහැදිලි නියාමන ක්‍රමවේද හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට වඩාත් පහසු ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමට පමණක් සහාය නොවී, එහි ඉදිරි වර්ධනයේ කොටස්කරුවන් බවට පත්වන්න යන පණිවිඩය සමඟින් නියෝජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවට ශ්‍රී ලංකාව සමඟ එක්ව නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට ආරාධනා කළේය.

සම්පූර්ණ සාකච්ඡාව : https://www.youtube.com/watch?v=hSpb-Rnwb2k

මමිත් දිසානායක
ගරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img