Friday, September 4, 2026
HomeNEWSLatest News20 ගැන විවාදය අද සහ හෙට - සමගි ජන බලවේගයෙන් කමිටුවක්

20 ගැන විවාදය අද සහ හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

20 ගැන විවාදය අද සහ හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතව තිබේ.

අද සහ හෙට (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට රාත්‍රීයේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

හෙට රාත්‍රීයේ විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භවන අතර විවාදය පැවැත්වෙන දින දෙක තුළ දී පාර්ලිමේන්තු ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ඝර්භය තුළ දී ඉදිරිපත් නොකරන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදුනොවන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේය.

මේ අතර, ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 05 සහ 22 වගන්ති ඉවත් කරගැනීමට රජය තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා සඳහන් කළේය.

20 ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 02ක් සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන පිළිබඳව සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ හෙට දිනයේ අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවය.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනිමට පියවර ගන්නා බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

විපක්ෂයක් ලෙස එක්ව 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජයට පත්කිරීමට සෑම උත්සහයක්ම ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ඒකමතිකව 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

මේ අතර, ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස මහජන අදහස් ලබාගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුව තීරණය කර තිබේ.

එම අදහස් නොවැම්බර් මස 30 වන දිනට හෝ එදිනට පෙර ලිඛිතව ඉදිරිපත් කළ හැකිය.

සියලුම යෝජනා සහ අදහස් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකි අතර (A4) ප්‍රමාණයේ කඩදාසියක යතුරුලියනය කර තිබීම අවශ්‍ය බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුව පවසයි.

ඉදිරිපත් කරන කරුණු ඉතා සංක්ෂිප්තව සඳහන් කිරීම යෝගය වන අතර ඒ සඳහා මෙරට ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව හිමිව තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img