Saturday, October 24, 2026
HomeNEWSLatest News20 ගැන විවාදය අද සහ හෙට - සමගි ජන බලවේගයෙන් කමිටුවක්

20 ගැන විවාදය අද සහ හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

20 ගැන විවාදය අද සහ හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතව තිබේ.

අද සහ හෙට (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට රාත්‍රීයේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

හෙට රාත්‍රීයේ විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භවන අතර විවාදය පැවැත්වෙන දින දෙක තුළ දී පාර්ලිමේන්තු ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ඝර්භය තුළ දී ඉදිරිපත් නොකරන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදුනොවන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේය.

මේ අතර, ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 05 සහ 22 වගන්ති ඉවත් කරගැනීමට රජය තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා සඳහන් කළේය.

20 ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 02ක් සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන පිළිබඳව සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ හෙට දිනයේ අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවය.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනිමට පියවර ගන්නා බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

විපක්ෂයක් ලෙස එක්ව 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජයට පත්කිරීමට සෑම උත්සහයක්ම ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ඒකමතිකව 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

මේ අතර, ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස මහජන අදහස් ලබාගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුව තීරණය කර තිබේ.

එම අදහස් නොවැම්බර් මස 30 වන දිනට හෝ එදිනට පෙර ලිඛිතව ඉදිරිපත් කළ හැකිය.

සියලුම යෝජනා සහ අදහස් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකි අතර (A4) ප්‍රමාණයේ කඩදාසියක යතුරුලියනය කර තිබීම අවශ්‍ය බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුව පවසයි.

ඉදිරිපත් කරන කරුණු ඉතා සංක්ෂිප්තව සඳහන් කිරීම යෝගය වන අතර ඒ සඳහා මෙරට ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව හිමිව තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img