Thursday, September 3, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය...

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 26 500කට වැඩි ප්‍රමාණයක්අ – ධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

                                                                                                                                                                      

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 26 500කට වැඩි ප්‍රමාණයක්

                                                                                                                                                                         අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

මෙම මස 08දා සිට 28 දින දක්වා දින 20 කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලා තුල පමණක්  PCR පරීක්ෂණ 26500කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.

ආයෝජන ප්‍රවර්ධන කළාප 14 තුල පමණක් PCR පරීක්ෂණ 16527 ක් සිදු කර ඇත.තවත් පරීක්ෂණ වාර්තා 495 ක් ලැබීමටද නියමිතය. ඒ අනුව කොවිඩ් ආසාධිතයින් 423 දෙනෙකු හදුනාගෙන ඇත. කටුනායක කළාපයෙන් 411 දෙනෙකු හා බියගම කළාපයෙන් 12 මේ අතර වේ.

අනෙක් කළාප 12 කිසිදු අසාදිතයකු වාර්තා වී නොමැත.මනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිවස හෝ නේවාසිකාගාරය,පැමිණීම හා කර්මාන්ත ශාලාව යන සියළු ස්ථානයන් හිදී ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම් හා ආරක්ෂිත වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.

කටුනායක  කලාපය තුල කර්මාන්තශාලා 69 ක් තුල PCR පරීක්ෂණ 7708 ක් සිදු කර ඇත. බියගම ආයතන 48 ක් තුල පරීක්ෂණ 3921 සිදුකර අවසන්ය.අනෙක් කලාප සියල්ලේද PCR පරීක්ෂණ සිදු කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්නායකයන්ට අනුව තවදුරටත් PCR පරීක්ෂණ සිදුකරන බවද මොහොට්ටාල මහතා පවසයි.

ආයොජන කළාපවලින් බැහැරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලා 1615 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. අදාල කාලය තුල මෙම කර්මාන්ත ශාලා තුලද PCR පරීක්ෂණ 10,051 ක් සිදු කර ඇත.

කොවිඩ් අසාධිත සේවකයින් පිළිබද අදහස් දක්වන මොහොට්ටාල මහතා අද (28) වන විට අපගේ කළාප තුල ගතහොත් කටුනායක 411ක් හා බියගම 12 ක් හදුනාගෙන තිබෙනවා. එහෙත් එහි පාලනයක් පෙනී යනවා. කළාපවලින් බැහැරව ගතහොත් ආරම්භය සිදු ව ගම්පහ දිස්ත්‍රික්කයේ අපගේ කර්මාන්තශාලා තුල 1003 ක් ද කොළඹ දිස්ත්‍රීක්කයේ කර්මාන්ත ශාලා තුලින් ආසාදිතයින් 53 ක් ද කුරැණෑගල දිස්ත්‍රීක්කයෙන් 3 ක් හා හම්බන්තොටින් 1 අයෙක් ලෙසද වාර්තා වෙනවා. සමස්ථයක් ලෙස ගත් කළ කර්මාන්තශාලා ඉතාමත් යහපත් සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරන බවත්, ශ්‍රී ලංකා ආයෝජන අදාල නියාමනයන් සිදුකරන බවද මොහොට්ටාල මහතා පවසයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්ත ශාලා 1615 ක් දිවයිනේ දිස්ත්‍රීක්ක 25 ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි. මේ තුල ලක්ෂ 6 කට ආසන්න පිරිසක් සේවයේ යෙදෙති. එසේම ආයෝජන කලාප 14 තුල තවත් එක්ලක්ෂ තිස්තුන් දහසක් (133000) නිෂ්පාදන ක්‍රියාවලියට එක් වෙති. මීට අමතරව මිළියන ගනනක පිරිසක් වක්‍ර රැකියා තුලින් ජීවනෝපාය සරිකර ගනී. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයකට දායකත්වට සපයන්නේ මෙම ශ්‍රමබලකායයි.

මෙවැනි අර්බුද අවස්ථාවකදී මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී,ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්,ව්‍යවසායකයන් හා කාර්යමණ්ඩල,කටුනායක ආයෝජන කළාපයට අනුයුක්ත නාවික හමුදා අනුකණ්ඩය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය තම රාජකාරි රාමුවෙන් පරිභාහිරව විශාල කැපවීමෙන් කරන  සේවාවන් පිළිබදව රජයේ ගෞරවය හිමිවිය යුතුයි. ඔවුන්ගේ මෙම කැපවීම නොවන්න මෙම තත්වය මීට වඩා භයානක වන්නට තිබිණි.

පවතින ගෝලීය වසංගතය හමුවේ, ජාතික ආර්ථිකය සවිමත්ව පවත්වාගෙන යාමට නම්, නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යායුතුය. එය ජාතික කර්තවයක් ලෙස සලකා මීට අයත් සියළු පාර්ශවයන් අදාල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් හා ඊට අවශ්‍ය සහය ලබා දෙමින් මෙම අර්බුද අවස්ථාවේ පුරවැසියාගේ යුතුකම නිසි අයුරින් ඉටුකරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව සංජය මොහොට්ටාල මහතා පවසයි.

සුජිත් කොඩිතුවක්කු     රුවිනි වීරසේකර (මාධ්‍ය අංශය- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img