21වන කොවිඩ් මරණය
ශ්රී ලංකාවෙන් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය සිදු වී තිබේ.
එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු වැලිසර ලය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පිරිමි අයෙකි.
ඔහු කඩවත, මහර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සෞඛ්ය අංශ පැවසුවේ අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 23 වැනිදා රෝහල්ගත වී ඇති බවය.
පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැත.
නමුත් ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.






















