Tuesday, September 1, 2026
HomeNEWSබැරල් සංඛ අත්අඩංගුවට

බැරල් සංඛ අත්අඩංගුවට

බැරල් සංඛ අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා ඊයේ (19) පෑලියගොඩ ගැමුණු මාවතේ දී අත්අඩංගුවට ගත් බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හොරෝයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 130ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි පෑලියගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අවිපෙන්වා බියගැනීම්, මත්ද්‍රව්‍ය අලෙවිය, කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ එම සැකකරු අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img