Monday, August 31, 2026
HomeNEWSඅතරමග නතර කෙරුණු ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ජනපති හා අගමැතිගේ උපදෙස්

අතරමග නතර කෙරුණු ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ජනපති හා අගමැතිගේ උපදෙස්

අතරමග නතර කෙරුණු ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ජනපති හා අගමැතිගේ උපදෙස්

කොළඹ නගරයේ ඉදිකිරීම් සිදුකර අතරමග නතර කර තිබෙන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශය පියවර ගන්නා ලෙසට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදෙයි.

පසුගිය ආණ්ඩුව කාලයේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රබල කඩාවැටීමක් තිබුණු බවත් ඇතැම් කොන්ත්‍රාත්කරුවන් ඇතැම් ගොඩනැගිලි ඉදිකිරිම අතරමග නතරකොට ඇති නිසා එම නිවාස ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කෙරුණු ජනතාව අසීරුතාවයට පත්ව ඇති බවත් එම තත්ත්වය කඩිනමින් වෙනස් කොට එම අතරමග නතර කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. 

අතරමඟ නතර වී තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විශේෂ බලයලත් නිලධාරියා වශයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත්කර තිබේ. 

2020 වසරේ ජුනි මාසයේ සිට මෙම පත්කිරීම සිදුකර ඇති අතර අතරමඟ නතර කර තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති ගැන සොයා බලා එම ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම පත්කිරීම සිදුකර තිබේ.

එම උපදෙස් අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැවතී තිබූ ඉදිකිරීම් කටයුතු යළි ඇරඹුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී පසුගිය කාලයේ ආරම්භ කර අඩක් නිමකර වැඩ නතරකර තිබූ කොළඹ කොම්පඤා්ඤාවීදීය දුම්රිය ස්ථානය අසල ඉඩමක පිහිටි මහල් නිවාස ඒකකයක් තෝරාගෙන තිබිණ. ඩෙස්ටනී නිවාස ව්‍යාපෘතිය නමින් හැඳින්වෙන මෙම නිවාස 300 ක් තිබෙන අතර, එම නිවාස සියල්ල ම ඒවයේ හිමිකරුවන් මුදල් ගෙවා තිබිණ.

අද දින (20) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා කියා සිටියේ මෙම නිවාස වෙනුවෙන් මුදල් ගෙවා තිබෙන සියලුම දෙනාට එම නිවාසවල ඉදිකිරීම් අවසන් කර ලබා දීමට කටයුතු කරන බවයි.

“මෙම මහල් නිවාස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටිය දී ඉදිකිරීමට තීරණය කළ නිවාස ව්‍යාපෘතියක්. ඊටපසු ඇතිවූ දේශපාලන පෙරළීම් මත මෙහි වැඩ කටයුතු නතර වුණා. මෙහි වැඩ කටයුතු නතරවීමෙන් පාඩුව සිදුවූයේ මෙම නිවාසවල පදිංචිවීමට බලාපොරොත්තුව සිටි අයට මිස වෙනත් කිසිවෙකුටත් නෙමෙයි. ඉදිරි වසර තුළ කඩිනමින් මෙම නිවාස 300 සාදා නිමකර එහි හිමිකරුවන්ට ලබා දෙනවා. වැඩ නතර කර තිබී යළි වැඩ අරඹන ඉදිකිරීම් සඳහා බලය ලත් නිලධරයා ලෙස ජනාධිපතිතුමා විසින් මාව පත් කළා. එතුමාගේ එම විශ්වාසය රකිමින් මෙහි වැඩ කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුදු ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සමඟ වැඩ කිරීමෙන් මෙම කටයුත්ත ඉතාමත් ඉක්මණින් ඉටු කර ගත හැකි වෙනවා.”

යනුවෙන් ද අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

2012 වසරේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති දෙකක් ආරම්භ කළ අතර, මෙම ව්‍යාපෘතිය ඉන් එකක් වේ. මෙහි දී තෝරාගත් බිම් කොටස තුළ සිටි නිවාස ලාභීන්ට නිවාස ලබා දී (අක්කර 1 ක් රූඩ් 1 ක්) පමණ නිදහස් කර ගත් බිම් කොටසෙහි මිලියන 100 (US $) ආයෝජනය කර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. එය ඩෙස්ටනී 1 සහ 11 වශයෙන් නම් කර ඇති අතර එහි නිවාස 876 ක් පමණ සැලසුම් කර ඇත. ඉන් මේ වන විට 510 ක් පමණ පෙර විකුණුම් පදනම මත ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් ප්‍රමාද වී ඇති බැවින් එම නිවාස මිලදී ගත් ජනතාවගේ සුභ සිද්ධිය පතා මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විශේෂ බලයලත් නිලධාරියා වශයෙන් 2020 ජූනි මස සිට පත් කරන ලදී. 

ඒ අනුව ආයෝජන සමාගම වන ඉම්පීරියල් බිල්ඩර්ස් පුද්ගලික සමාගම සමඟ සාකච්ඡා කොට පැවති ගැටළු මගහරවා ගනිමින් MAGA ඉංජිනියරින් පුද්ගලික සමාගම වෙත වසර දෙකකින් අවසන් කිරීමේ පදනම මත ඉදිරි වැඩ සඳහා කොන්ත්‍රාත්තුව අද (20) දින පිරිනමන ලදී.

මෙහිදී යළි වැඩ අරඹන ඩෙස්ටනී නිවාස ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුම් හුවමාරුවක් ද සිදු විය. 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් එක්ස්පෝ ග්‍රාන්ට් ව්‍යාපෘතියේ කළමණාකාර අධ්‍යක්ෂක ජොනී ප්‍රනාන්දු මහතා අතර ගිවිසුම් හුවමාරුව සිදු විය.

එසේ ම පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ උපදේශිකා (Commercial Counselor) අෂ්මා තමාල් මහත්මිය විසින් ඵ්ඨ් ඉදිකිරීම් ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ කපිතාන් එම්.බී. කුලරත්න මහතා අතරත් ගිවිසුම් හුවමාරුව සිදු විය. 

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ උපදේශිකා (Commercial Counselor) අෂ්මා තමාල්, MAGA ඉදිකිරීම් ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ කපිතාන් එම්.බී. කුලරත්න, එක්ස්පෝ ග්‍රාන්ට් ව්‍යාපෘතියේ කළමණාකාර අධ්‍යක්ෂක ජොනී ප්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

මෙහිදී සහභාගී වූ සියලුම නිලධාරී මහත්ම මහත්මීහු කොම්පඤ්ඤවීදීය ඩෙස්ටනී මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට සහභාගී වූහ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img