සෞඛ්‍ය රීති කැඩූ බස්නාහිර ආයතන 103ක්
පසුගිය පැය 24 තුළ සිදුකළ පරීක්ෂාවකදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 103ක් හඳුනාගත් බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එම කාලය තුළ ආයතන 910ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 807ක් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර ඇති බවට හඳුනාගෙන තිබේ.
මේ අතර නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 18 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.
මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2,680 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.






















