Monday, August 31, 2026
HomeNEWSනිදහස් දින පෙළපාලියට පාසල් සිසුන් 300ක් සහභාගී කරවීමට සැලැස්මක්

නිදහස් දින පෙළපාලියට පාසල් සිසුන් 300ක් සහභාගී කරවීමට සැලැස්මක්

නිදහස් දින පෙළපාලියට පාසල් සිසුන් 300ක් සහභාගී කරවීමට සැලැස්මක්

73 වන නිදහස් දින පෙළපාලියේ පුහුණු කටයුතු සඳහා ශිෂ්‍ය භටයින් 300ක් කඳවුරුගතව සහභාගී කරවීම තුළින් සිසුන් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ලංකා ගුරු සංගමය පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා මේ බව කියා සිටියේය.

ජාතික ශිෂ්‍ය භට බළකාය විසින් සිදුකර ඇති එම ඉල්ලීමට අධ්‍යාපන ලේකම්වරයා ලිඛිතව විරෝධය පළ කර ඇතැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා ඇති පාසල් 152කට අදාළ ව පාසල් ළමුන්, දින 15ක් කඳවුරුගත කිරීමට යෝජනා වී ඇති අතර එහි පළමු අදියර යටතේ සිසුන් සියලුදෙනා රන්ටැඹේ ජාතික පුහුණු ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව රැඳවීමට නියමිත අතර තවත් දින 7ක කාලයක් රාජගිරිය ප්‍රදේශයේ පාසලක නේවාසිකව සිසුන් රඳවා ගැනීමට සැලසුම් කර ඇත.

අද පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ජෝසෆ් ස්ටාලින් මහතා,

“පාසල් ළමුන් එක්රැස් කරලා, නේවාසික කරලා මේ කටයුත්ත කිරීමේ දී අඇති වෙන තත්ත්වය මොකද්ද ? අපි දන්නවා මේ හුවමාරු වුණ ලිපි ලේඛනවල ඔවුන් ගෙනල්ලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරලා තමයි මේ ළමයින්ව කඳවුරුවලට ගෙනියන්න සුදානම් කරලා තියෙන්නේ. එතකොට මේ කඳවුරුවල තත්ත්වය කුමක් වෙයි ද ? මේ පාසල් ළමයි. අධ්‍යාපන අමාත්‍යාංශය මේක කිරීමේ භයානකකම තමයි කියලා තිබුණේ. අපි ඉල්ලීමක් කරනවා මේ කටයුත්ත සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්න කියලා.“

පවත්නා කොවිඩ් -19 වසංගතය හමුවේ මෙවන් දිර්ඝ කාලයක් කඳවුරුගත වීම දැඩි අවදානමක් බැවින් එයට අවසර ලබා දිය නොහැකි බව අධ්‍යාපන ලේකම්වරයා විසින් දන්වා තිබේ.

එසේ වුවද නිදහස් දින පෙළපාලියේ පුහුණු කටයුතු සහ එම පෙළපාලිය සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියට යටත්ව, කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂා වන පරිදි පාසල් ශිෂ්‍ය භට පිරිස නිර්ණායකවලට යටත්ව සහභාගී කරවීමට එකඟ බව අධ්‍යාපන ලේකම් වෙනුවට, අතිරේක ලේකම් එල්.එම්. ඩී ධර්මසේන මහතා ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.

එම ලිපිය ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකර ඇති අතර, පිටපත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා වෙත යොමුකර තිබේ.

ඒ අනුව එහි සඳහන් කරුණු මෙසේය.

01. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් මේ සඳහා අනුමැතිය ලබාදුන් ලිපියේ පිටපතක් අධ්‍යාපන ලේකම්,  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ අදාළ පාසල්වල සියලුම විදුහල්පතිවරුන් වෙත යැවිය යුතුය.

02.සියලු ක්‍රියාකාරකම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉදිරිපත් කර නිකුත්කර ඇති චක්‍රලේඛයට අනුව සිදුවිය යුතුය.

03.අදාළ පාසල්වල විදුල්පතිවරුන්ගේ අවසරය ලබාගත යුතුය.

04.දෙමව්පිය පුර්ණ අවසරය ලිඛිතව ලබාගත යුතුය.

05.එක් එක් පාසලේ සිසුන් භාරව ගුරුභවතෙක් අනිවාර්යෙන් සහභාගී විය යුතුය.

06.සිසුන් නේවාසික කඳවුරුගත කරන්නේ නම් අදාළ සෞඛ්‍ය බලධාරීගෙන් උපදෙස් ලබාගෙන ඒ අනුවම කටයුතු විශේෂයෙන් වගබලා ගත යුතුය.

07. මෙම වැඩසටහන අතර තුරදී කොවිඩ් – 19 සිසුවෙකු හඳුනාගතහොත් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැන්වත් කර යුතුය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ, බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් යෝජනා කරන්නේ නම් අවම වශයෙන් එම පළාතේ සිසුන්ට පමණක් හෝ මුඛ ආවරණ නොමිලේ ලබා දීමට කටයුතු කළ යුතුව ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img