Monday, August 31, 2026
HomeNEWSඅනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

කුඩා රාවණාකොටුව ආසන්නයේ දී අනතුරට ලක් වූ සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ වත්මන් තත්ත්වය නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

අද (24) උදෑසන කිමිදුම්කරුවන් කණ්ඩායමක් නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මේ දක්වා සිදුකළ සොයා බැලීම්වලදී නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

කෙසේවෙතත් අනතුරෙන් නෞකාවේ ඉදිරිපස සහ පිටුපස කොටසට හානියක් සිදුව නොමැති අතර ඉන්ධන කාන්දුවක් සිදුවීමේ අවදානමක් ද නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

නෞකාවේ මැද කොටස ගල්පරයේ සිරවී ඇති බවට නිරික්ෂණය වී ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ලයිබිරියානු ධජය යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රීකුණාමලය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු යුරෝසන් නැමති මෙම යත්‍රාව ඊයේ (23) පෙරවරුවේ කුඩා රාවණා කොටුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබුණි.

බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොදාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද නෞකාවේ තත්ත්වය ගුවනින් නිරික්ෂණය කරමින් සිටින බව ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img