Monday, August 31, 2026
HomeNEWSමෙරට එන්නත්කරණ වැඩපිළිවෙල බ්‍රහස්පතින්දා සිටම

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල බ්‍රහස්පතින්දා සිටම

මෙරටට ලැබීමට නියමිත එන්නත් තොගය ජනවාරි 27 වැනිදා ලැබීමෙන් පසු 28 වනදා සිටම එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද (24) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරෙන ප්‍රමුණතා අනුපිළිවෙල සම්බන්ධයෙන් ද මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැහැදිළි කළේය.

“මේ එන්නත් ලක්ෂ 5ම ප්‍රදානයක් හැටියට ලැබෙන්නේ. ඒ සඳහා කිසිදු මිලක් වැය වන්නේ නෑ. අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබාදීමේ ප්‍රයෝජනයක් තියෙන්නේ. අපේ රටේ 18 වැඩි ජනතාව ගත්තාම සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව තමයි 65% කියන ඉලක්කය අපිට ලැබුණේ. අපි එන්නත පළමුවෙන් ලබා දෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සඳහා. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට. ඉන්පසු අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තියෙන අයට. කිසිම අවස්ථාවක අනුපිළිවෙලෙන් පිට කටයුතු කරන්න ඉඩ තියන්නේ නෑ. මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.”

එළෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img