Monday, August 31, 2026
HomeNEWSකොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගතහැකි දේශීය ඖෂධවල පරීක්ෂණ ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගතහැකි දේශීය ඖෂධවල පරීක්ෂණ ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

කොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කරඇති බව කියන ධම්මික පැණිය පිළිබඳව තවත් සතියක් හෝ දෙකක් ඇතුළත ප්‍රකාශයක් කළහැකි බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය සිදුකරන්නේ එවැනි ඖෂධවල පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම බවය.

එසේ නොමැතිව ඒවා ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණ නොවන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අද (24) පෙරවරුවේ දෙරණ අරුණ වැඩසටහන සමග එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේය.

“කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉදිරිපත් කරපු දේශීය ඖෂධය සහ සුදර්ශන පැණිය නමින් හඳුන්වපු ඖෂධය සහ තවත් ඖෂධ කිහිපයක් පිළිබඳව යම් විදිහක පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. අපි රජයක් හැටියට කරන්නේ ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම පමණයි. එහෙම නැතුව කිසිදු ඖෂධයක් ප්‍රවර්ධනය කිරීමක් කරන්නේ නෑ. වාර්තාව ලැබුණට පස්සේ එහි තිබෙන ගුණ අගුණ ගැන විවෘතව රටට ප්‍රකාශ කරන්න කටයුතු කරනවා. පරීක්ෂණ සඳහා යොමු කරපු ධම්මික පැණියේ තියෙන ගුණ අගුණ පිළිබඳවත් තව සතියක දෙකක කාලයක් ඇතුළත අපිට ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙයි.”

මේ අතර මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේය.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත තමයි මුලින්ම ලැබෙන්නේ. ඊළඟට අපි බලාපොරොත්තුවෙනවා චීනයේ නිපදවපු එන්නතත් අපිට ප්‍රදානයක් විදිහට ලැබෙයි කියලා. රුසියානු එන්නතත් ලබා ගැනීම සඳහා අපි මේ වනවිට සාකච්ඡා කරමින් යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපිට එන්නත් ප්‍රමාණයක් ප්‍රදානය කරන්න නියමිතයි.  ප්‍රදානයන් හරහා ලැබෙන උපරීම එන්නත් ප්‍රමාණය ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. මදිපාඩුව අපි මුදලට ගන්න කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img