Monday, August 31, 2026
HomeNEWSකොටස් ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක්

කොටස් ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක්

කොටස් ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක්

ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි/ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් ආදිය කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ යූටියුබ් ආදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බවට තමන් නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසයි. 

ලැයිස්තුගත සමාගම්වල කොටස් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නිර්දේශ කිරීම, අපේක්ෂිත මිල ගණන් සඳහන් කිරීම සහ ලැයිස්තුගත සමාගම්වලට අදාළව නොමඟ යවන/වැරදි තොරතුරු සැපයීම සහ එවැනි කොටස්වල ගනුදෙනු කිරීමට පොළඹවන ආකාරයෙන් මෙම පණිවුඩ ආයෝජකයින් සහ සාමාන්‍ය ජනතාව වෙත යොමුකර ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම පවසයි.

මෙවැනි කටයුතු පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර ඇති බවත් එවැනි නොමඟ යවන ආකාරයේ තොරතුරු සංසරණය කිරීමට සැලැස්වීම ආයෝජකයින්ගේ සුබ සිද්ධියට අහිතකර වනවා පමණක් නොව සුරැකුම්පත් වෙළෙඳපොළේ අවංකභාවයට ද අහිතකර ලෙස බලපාන බව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පැවසීය. 

“මෙම සමහර පණිවිඩ  ව්‍යාජ හා නොමඟ යවනසුළු වෙළෙඳපොළක් ඇති කිරීමක් හා සමාන වේ”.

එබැවින් කෙටි පණිවුඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එවැනි පදනම් විරහිත කොටස් ඉඟි/ආයෝජන උපදෙස් මත විශ්වාසය නොතබන ලෙස සියලුම ආයෝජකයින්ට සහ සාමාන්‍ය ජනතාවට මෙයින් උපදෙස් දෙනවා මෙන්ම අනතුරු අඟවන බවත් එම ආයතනය කියයි. 

සුරැකුම්පත් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදුකර ලියාපදිංචි ආයෝජන උපදේශකයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සියලු ආයෝජකයින්ට තවදුරටත් උපදෙස් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img