නිදහස් දින පෙරහුරුවට වැසෙන මාර්ග
73 වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් පෙරහුරු ජනවාරි 30 වන දින සිට පෙබරවාරි මස 3 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව කොළඹ නිදහස් චතුරස්‍රය හා ඒ අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන ගමනාගමන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක දිනයන් හා වේලාවන්,
2021.01.30 – උදෑසන 6 සිට දහවල් 1.30 දක්වා
2021.01.31 – උදෑසන 6 සිට දහවල් 1.30 දක්වා
2021.02.01 – උදෑසන 6 සිට දහවල් 1.30 දක්වා
2021.02.02 – උදෑසන 6 සිට දහවල් 1.30 දක්වා
2021.02.03 – උදෑසන 6 සිට දහවල් 1.30 දක්වා
2021.02.04 නිදහස් දිනය පැවැත්වෙන දින අලුයම 4 සිට දහවල් 1.30 දක්වා
ඉහත දිනවල වසා තැබෙන මාර්ග / ගමනාගමනය සීමා කරන සහ විකල්ප මාර්ග පහත පරිදි වේ.






















