වලපනේ ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.
අද (31) අළුයම 03.00ට පමණ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය.
අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක ප්‍රබලත්වයකින් යුත්ත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරයි.
මහකනදරාව, පල්ලෙකැළේ සහ හක්මන යන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මානවල එම භූ කම්පනය සටහන්ව ඇති බව අනුර වල්පොල මහතා සඳහන් කළේය.
පසුගිය ජනවාරි 22 වන දින ද රිච්ටර් මාපකයේ ඒකක 1.8ක පුබලත්වයකින් යුත් භූ කම්පනයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.






















