Monday, August 31, 2026
HomeNEWSරියඅනතුරුවලින් සිව්දෙනෙක් මරුට -අඹුසැමි යුවළකුත් ඒ අතර

රියඅනතුරුවලින් සිව්දෙනෙක් මරුට -අඹුසැමි යුවළකුත් ඒ අතර

රියඅනතුරුවලින් සිව්දෙනෙක් මරුට -අඹුසැමි යුවළකුත් ඒ අතර

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇල්පිටිය, අවිත්තාව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ, බස්රථයක් ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක ගැටී පසුව බස්රථය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ද ගැටී එම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි සහ 47 හැවිරිදි ඕපාත ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ අනතුරට පත්අනෙක් යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර කඩවත පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ ඇල්දෙණිය ප්‍රදේශයේ දී මහනුවර සිට කොළඹ දෙසට ධාවන වූ ලොරි රථයක මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ සිටින යාචකයෙකු බව පොලීසිය පවසයි.

මේ අතර මහියංගන – පදියතලාව මාර්ගයේ පදියතලාව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක මාර්ගය හරහා ගමන්ගත් පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පදිකයා මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img