ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සීඝ්‍ර අඩුවක් – ආසාදිතයින්ගෙන් සියයට 97ක් සුව අතට
ඉන්දියාවෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 97%ක් මේ වනවිට සුවය ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ලොව කොවිඩ් ආසාදිතයින් හමුවී ඇති රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇති ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10,767,206ක් වෙයි.
ඉන් 10,048,406 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 164,278 දෙනෙකු බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ගණන මේ වනවිට 10,000 සීමාව දක්වා අඩුවී තිබේ.






















