Saturday, August 29, 2026
HomeNEWSක්‍රිකට් තේරීම් කමිටුව අලුත් වේ ?

ක්‍රිකට් තේරීම් කමිටුව අලුත් වේ ?

ක්‍රිකට් තේරීම් කමිටුව අලුත් වේ ?

නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්ගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

එළැඹෙන කොදෙව් සංචාරය සඳහා නව කමිටුව මගින් ක්‍රීඩකයින් තෝරාගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2015 වසරේ සිට මේ දක්වා ටෙස්ට්, එක්දින සහ 20-20 යන තරග රටා තුනේදීම සහභාගී වි ඇති තරග 219න් 132ක්ම පරාජයවීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් එම කාලය තුළ සිටි තේරීම් කමිටුවලට සෘජුවම චෝදනා එල්ල වේ.

2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ටෙස්ට් තරග 58 සඳහා ක්‍රීඩකයින් 43 දෙනෙක් යොදාගැනීම, එක්දින තරග 100 සඳහා ක්‍රීඩකයින් 58 දෙනෙක් යොදාගැනීම සහ 20-20 තරග 61 සඳහා ක්‍රීඩකයින් 56 දෙනෙක් යොදාගැනීම කණ්ඩායමේ අස්ථාවරභාවයට ප්‍රධාන හේතුව බව ක්‍රීඩා විචාරකයින් පවා පෙන්වාදෙයි.   

එම කාල සීමාව තුළ සභාපතිවරුන් 5 දෙනෙක් යටතේ තේරීම් කමිටු පැවති අතර අවසන් වරට තේරීම් කමිටුවක් පත්කෙරුණේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වන අතර එහි සභාපති ලෙස පත්කළේ අසන්ත ද මෙල් මහතාය.

නව තේරීම් කමිටුවක් පත්කිරීමට මේ වන විට නියමිතව ඇති අතර ඒ සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, වරුණ වරාගොඩ, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න සහ කපිල විජේගුණවර්ධන යන පස්දෙනාගේ නම් යෝජනා ඇති බව වාර්තා වේ.

ඒ අතරින්  තිදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටුව සඳහා පත්කෙරෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල යටතේ පත්කිරීමට නියමිත ක්‍රිකට් කමිටුව සඳහා රංජිත් ප්‍රනාන්දු, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img